දෙමළ බසින් වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට එරෙහිව පොලිසිය විසින් කරනු ලබන අඩන්තේට්ටම් උතුරු නැගෙනහිර පලාත්වල දිගටම සිදුවෙමින්

පවතී.

මෑතම වාර්තාවන පරිදි අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් මාධ්‍යවේදියකුට පොලිසියෙන් මරණ තර්ජනයක් එල්ලවී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යවේදියකු ත්‍රස්ත මර්දන පොලිසිය විසින් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලක් ඉවත් කරගන්නා ලෙස බලකරමින් නිල ඇඳුම් ලා නොගත් අක්කරෙයිපත්තු පොලිසියේ නිලධාරියෙක් මරණීය තර්ජන කිරීමෙන් අඩ්ඩාලචේනෙයි පදිංචි නිදහස් මාධ්‍යවේදී අබ්දුල් රහීම් සහීර් අහමඩ් බියට පත්වී සිටී.

නිවසෙන් පිටවෙද්දී මුව වැසුමක් පැළඳ නොසිටි බවට චෝදනා කරමින් සැප්තැම්බර් 2 දා පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පහර දී ඔහුගේ කැමරාව කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබුණි.

“මම පැමිණිල්ල ඉල්ලා අස් කරගත්තේ නැතිනම් අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට යවනවා කියලා පොලිස් නිලධාරියා මට තර්ජනය කළා,” යි සහීර් අහමඩ් JDS සමග පවසා තිබුණි.

මේ අතර යාපනයේ නිදහස් මාධ්‍යවේදී පරරාජසිංහම් සුජීවන් කැඳවූ ත්‍රස්ත මර්දන පොලිසිය ඔහුගෙන් පැය හතරකට වැඩි කාලයක් ප්‍රශ්න කළ බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කර තිබේ. 

 

Leader Whats app

 
 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
ස' වැටිච්ච අමාරුවක්! දිලිත් ද? පීබී ද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image