අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ඊයේ  (21) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපොර්තමේන්තුවට කැඳවා

පාස්කු ඉරිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැය 5කට වැඩි ප්‍රකාශක් ලබාගෙන තිබිණ.

එහිදී රවි සෙනෙවිරත්න විසින් එම ප්‍රහාරය එල්ලකළ සහරාන් ගේ කල්ලිය හා හමුදා බුද්ධි අංශ අතර තිබුන රහස් ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

අන්තවාදී මුස්ලිම් සංවිධාන සම්බන්ධයෙන් බොරු තොරතුරු ලබාදෙමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නොමග යැවීමට හමුදා බුද්ධි අංශ කටයුතු කල බවටත්, විශේෂයෙන් ම දෙහිවලදී සියදිවි හානිකර ගත් බෝම්බකරු සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ කටයුතු කළ ආකාරය සැකසහිත බවට ත් හිටපු හිටපු ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ඊයේ සිය කටඋත්තරය මගින් අවධාරණය කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, මලල්ගොඩ කොමිසමේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා හමුවේ ද සාක්ෂි ලබා දුන්නේ ය.

රවි සෙනෙවිරත්න, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පැය 14 ට අධික කාලයක් ප්‍රකාශ ලබා දී තිබේ.

2012 සැප්තැම්බර් මස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත් වූ රවී දෙනවිරත්න 2019 දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම ගන්න විට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.


සිරිල් ගාමිණී පියතුමන්ගෙන් චෝදනාවක්


මේ අතර ඊයේ (21) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් පැවසුයේ, දේශපාලන වුවමනා වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන යට ගසමින් ආණ්ඩුව සත්‍ය සැඟවීමේ උත්සහයක නිරතවන්නේ යැයි සැකයක් මතුවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසුහ.

"ඇයි ඇත්ත හෙළිදරව් කරගන්න උත්සහ කරගන්නේ නැත්තේ. ඒක වහන්න උත්සහ කරන්නේ ඇයි ? මේවා විමර්ශනය නොකරන්නේ කාව ආරක්ෂා කරන්න ද? අපි කියමු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට වගකියන්න ඕන කියලා, බොහොම පැහැදිලි නිර්දේශයක් තිබෙනවා. ඔහුට විරුද්ධව අපරාධමය නඩුවක් පවරන්නට ඕනෙ කියලා. ඒක නිර්දේශයක්. පළමු නිර්දේශය ඒ කොමිෂන් සභාවේ.  

ඊට පස්සේ රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙක් කියනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ කියලා. එතකොට ආණ්ඩුව සහ CIDඑක කරන්න ඕනේ මේක විමර්ශනය කරන එක. ඒ වගේම ආණ්ඩුව සහ නීතිපතිවරයා කරන්නට ඕනේ මේ ජනාධිපති කොමිෂන් සභාවේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන එක. ඉතින් ඒක කරන්නේ නැහැනේ. එතකොට අපිට හිතෙන්නේ මේවා මේ සම්බන්ධතා තියාගෙන ඉන්නවා කියලා."
 

 
 

Leader Whats app

 

 

 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
ස' වැටිච්ච අමාරුවක්! දිලිත් ද? පීබී ද?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්