පසුගිය 17 වෙනි සිකුරාදා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධි සහතික ලැබන්නට හිටපු සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් කටයුතු කරපු

ආකාරය ඉතාමත් ශිෂ්ඨසම්පන්න බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග (CBK ) අවධාරණය කර සිටියි.

එහිදී විශාල හික්මීමකින් නිහඬව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමක් සිද්ධ වු බවත් මේ සම්බන්ධ විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරලා තිබෙන බවත් පවසන හිටපු ජනාධිපතිනිය, තමා එම සිද්ධිය දකින්නේ අප ර⁣ටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය ලෙස බව ද කියා සිටියි.

කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේ ඇති වූ සිදුවීම පිළිබඳ අදහස දක්වමින් හිටපු ජනාධිපතිනිය එබව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය වෙත  වීඩියෝවක් මුදාහරිමිනි.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනිය තවදුරටත් මෙසේද පවසන්නීය.

''ඒ තරුණ තරුණියන් ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුන්ගේ සහ අප රටේ සියලු දෙනා වෙනුවෙන්ම, අපේ ර⁣ටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනාගැනීමට තුවක්කු නැතිව බෝම්බ නැතිව, කුනුහරුප පාවිච්චි කරන්නේ නැතිව ඉතාමත් ශිෂ්ඨ විදිහට ඉතාම හික්මීමකින් කටයුතු කෙරුවා. ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ නිදහස ප්‍රකාශ කරමින් අනුන්ගේ නිදහසට කිසිම හානියක් නොකර හිත් රිදවන්නේ නැතිව කටයුතු කෙරුවා.

විශේෂයෙන්ම ආණ්ඩුවක් සහ ආණ්ඩුවේ ප්‍රධානීන් වැරදි තීන්දුවක් ගන්නවා නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක සමාජයක තමන්ගෙන් අහන්නෙ නැතිව, තමා සමග සංවාදයක් නැතිව අදාල අයගෙන් විමසන්නේ නැතිව, රජයක් හැටියට වැරදි තීන්දුවක් ගන්නවා නම්, ඒකෙන් ජනතාවට, සහ ඒ තීන්දුවලින් හානි වෙන කොටස් වලට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී රටක.

ඉතින් මේ දරුවන් එදා ප්‍රජාතන්ත්‍රවාදය උච්ඡතම අවස්ථාවට ⁣ගෙනාවා. තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරා තැන්තැන්වල ගිහිල්ලා, කියවන්නේ නැතිව, තුවක්කු , බෝම්බ, ප්‍රචණ්ඩත්වය නැතිව, කුනුහරුප නැතිව ඉතාමත් ශිෂ්ඨ විදිහට  ඔවුන් හැසිරෙමින්, නිහඬව නමුත් ශක්තිමත්ව  ඉතාම බලගතු ලෙස තමාගේ විරෝධය ප්‍රකාශ කලා.

අන්න ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මේ අවස්ථාවේදී, ඒ තරුණ තරුණියන් කවුද කියන්න මම දන්නේ නෑ, නමුත් මේ රටේ හිටපු ජේෂ්ඨ නායකයෙක් විදිහට මම මගේ ප්‍රණාමය ඔවුන්ට  පුද  කරනවා.

 

''කවුරු මොනවා කිව්වත් ඔබලා එදා කරපු දේ හරියටම හරි. මේ රටේ ඕනෑම ආණ්ඩුවක් වැරදි කරනවා නම් ඔවුන්ට අයිතියක් තියෙනවා ඒකට විරුද්ධ වෙන්න. නමුත් ඔය කරපු ආකාරයට. ඒ තරම් ශක්කිමත් විරෝධතාවයක් තෝරාගෙන ප්‍රකාශ කිරීම මම කලාතුරකින් දැකලා තියෙන්නෙ.''

 

රටට ආදරය කරන කෙනෙන් විදිහට මට හිතෙනවා ඈත අතීතයේ අපේ ශිෂ්ඨාචාරය සහ ඒ තුලින් අපේ ජනතාවට ලැබී තිබෙන ශිෂ්ඨ සම්පන්න බව මේ කාලයේ අපේ තරුණ තරුණියන් පිළිබිඹු කරලා පෙන්නුවා කියලා. නැවත වතාවක් ඔබට මගේ ප්‍රශංසාව.

මේ වගේම අනිකුත් තරුණ තරුණියන්, වැඩිහිටියන්ට මම කියන්නේ කොයි ආණ්ඩුවකින් වුනත් වැරදි සිදුවෙනවා නම් මේ විදිහට කටයුතු කරන්න. අනික එදා ඒ අවස්ථාවේදී ඒ සියලුම දෙනා එකාමෙන් එකම තීන්දුවක  ඉදගෙන කටයුතු කෙරුවා. ඒ තුලින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම්  මහා විශාල සේවයක් ලබා දන්නා.''


කොළඹ සරසවිය මෙසේ කියයි


2019 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය ඉකුත් දවසක දී පැවැත් වුණේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදිය.

එම වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කරමින් නිවේදනයක් නිකුත් කළ කොළඹ විශ්වවිද්‍යාලය, මෙවන් අනුස්මරණීය අවස්ථාවක පැවතිය යුතු ගෞරවනීයත්වය හා සදාචාරය පවත්වා ගැනීමට උපකාර වූ සියලු දෙනාට ම ස්තූතිය පළ කර සිටියි.

ශිෂ්ට සම්පන්න හැසිරීම හා ආකල්ප පවත්වා ගැනීමෙහි ලා විශ්වවිද්‍යාලයේ සියලු ම පාර්ශවවල උපරිම කැපවීම විශ්වවිද්‍යාලය විසින් සහතික කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම අනර්ඝතම ගෝලීය පුරවැසියන් සමාජයට දායාද කිරීමෙහි ලා විශ්වවිද්‍යාලය සතු කීර්තිනාමය හා ගෞරවය වෙනත් පාර්ශ්වයන් විසින් වැරැදි අර්ථකථනයන්ට භාජනය කිරීම පිළිබඳ විශ්වවිද්‍යාලය විසින් සිය කණස්සල්ල ද පළ කර තිබේ.



සබැඳි පුවත් :


කොළඹ කුලපති හිමිට විරෝධය පෑ තරුණිය ?

කොළඹ විද්‍යාර්ථයින්ගේ ක්‍රියාවට සෝභිත හිමියන්ගේ ප්‍රසාදය

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
 
රාජපක්‍ෂවරු රටින් පැනයාම අරඹයි !| මොණරවිලගේ ලියමන
 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්