theleaderlk 01

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍යමය සුබසාධනය අරමුණු කොට රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම අරමුණු කොට

ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාත්මක  කරන "සමගි ජනබලවේගයේ හුස්මක්" වැඩසටහන පිළිබඳව ස්වකීය ප්‍රසාදය සහ සතුට පළ කරමින් චීන රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් එම වැඩසටහනට සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ඒ අනුව වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින  kidney disease machine සදහා රුපියල් ලක්ෂ දෙසීයක මූල්‍ය ආධාරයක්  ලබා දීමට චීන රජය අද(22) කටයුතු කළේය.

ඊට අදාල පරිත්‍යාගය අද(22) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී කොළඹ චීන තානාපති කී. සෙන්හොංග් ඇතුලු චීන නියෝජිතයින් පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සිදුකරනු ලැබීය.

මීට පෙර වට 34 ක් තුල ලක්ෂ 1000ට අධික වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ, සමගි ජන බලවේගයේ හුස්ම වැඩසටහන හරහා රට පුරා රෝහල් පද්ධතියට පරිත්‍යාග කළ අතර අද දිනයේ චීන රජය විසින් ලබාදුන් පරිත්‍යාගයට හේතුව වූයේ ද අදාල වැඩ සටහනේ පවත්නා සාර්ථකත්වය බව විපක්ෂ නායක කාර්යාල පවසයි.

 ඉතා විනිවිද ලෙසත්, ක්‍රමානුකූලව සහ ප්‍රශස්ත ලෙසත් එම කටයුත්ත සිදු කරන බවට තමන්ට නිරීක්ෂණය වී ඇති බැවින් මෙවැනි පරිත්‍යාගයන් ඉදිරියේදීද සිදුකිරීමට අපේක්ෂා කරන බව  කොළඹ චීන තානාපති කී. සෙන්හොංග්  මෙහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙනුවෙන් චීන රජය විසින් ලබාදුන් පරිත්‍යාගය පිළිබඳව තම කෘතවේදිත්වය පුද කරන බවත්, සම්ප්‍රදායික විපක්ෂයකින් එහාට ගිය රටට අගයක් එකතු කිරීමේ කටයුත්ත තමන් නොපිරිහෙලා ඉදිරියටත් ඉටු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙම අවස්ථාවේදී පවසා තිබේ.

චීන රජය විපක්ෂයේ සද්කාර්යයක් සඳහා මෙසේ ආධාර උපකාර කිරීමට මැදිහත් වන්නේ, රාජපක්ෂ ආණ්ඩුව සමග රාජ්‍යතාන්ත්‍රීක අර්බුදයක් හටගෙන තිබෙන මොහොතකදී වීම සුවිශේෂී කාරණයකි.


swas

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
 
රාජපක්‍ෂවරු රටින් පැනයාම අරඹයි !| මොණරවිලගේ ලියමන
 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 


නවතම පුවත්