පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සදහා මේ වන තෙක් විසදුම් ලබා දිමට බලධාරීන් අපොහොසත් වීම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තව
දුරටත් පවත්වාගෙන යෑමට පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ සහ සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයලත් වෙත ලිපියක් යොමු කරමින් පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය දැනුම් දී ඇත්තේ දෙසැම්බර් 23 වැනි බ්‍රහස්පතින්දා දින සබරගමු පළාත තුළ වැඩ වර්ජනයක් දියත් කරන බවයි.
"සබරගමුව පළාත තුළ ඇති මධ්‍යම රජයේ සහ පළාත් සභාවට අදාල සියළුම රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන්, ඹෟෂධවේදීන්, විකිරණ තාක්ෂණ නිලධාරීන්, වෘත්තීය චිකිත්සක නිලධාරීන් ඇතුළු සියළු පරිපුරක වෛද්‍ය වෘත්තිකයන් සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව කාරුණිකව දැනුම් දෙමු. "
පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ්ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන එම ලිපියේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ සාකච්ඡා මාර්ගයෙන් විසදුම් ලබා දීම තවදුරටත් නොසලකා හැරීම තුළ මෙම අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගය අනෙකුත් රටේ පළාත් තුලද ක්‍රියාත්මක වීමේ විභවතාවයක් පවතින අතර බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ නොසලකා හැරීම මත එසේ සිදු කිරීමට තීරණය කර ඇති බවයි.
වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් මහජනතාවට ඇතිවන කිසියම් හෝ පීඩාවක් වෙතොත් එහි වගකීම අප විසින් භාර නොගන්නා බවත්, කාර්ය මණ්ඩලයේ ගැටළු විසදීම සදහා සාකචඡාමය ඉඩ කඩ අවහිර කරමින් සිය රාජකාරිමය වගකීම පැහැර ඇති නිලධාරීන් එම වගකීම භාරගත යුතු බවත් රවී කුමුදේශ් වෘත්තිය සමිති නායකයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට තරයේ අවධාරණය කර තිබේ.
# සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විශමතාවය ඉවත් කිරීම වෙනුවට, යම් ප්‍රමාණයකට හෝ විසදුම් ලබා දී තිබූ රනුක්ගේ වැටුප් නිර්දේශ ක්‍රියාත්මකවීම අත්තනෝමතිකව නතර කර දැමීම,
# වෘත්තීය උපාධීධාරීන්ගේ සේවාව තවදුරටත් ඩිප්ලෝමා වැටුප් තලයක පවත්වා ගැනීම,
# සේවා දායකයන්ගේ ණය නොගෙවීම,
# කොමිස් උවමනාව වෙනුවෙන්, අනවශ්‍ය උපකරණ හා රසායන ද්‍රව්‍ය ගොඩ ගසමින් විශාල මුදල් නාස්තියක් සිදු කරමින් සෞඛ්‍ය සේවාව කඩා වැටීමට ඉඩ හැර බලා සිටීම,
# ඖෂධ මිල සහ සෞඛ්‍යය සැපයුම් මිල පාලනයක් සිදු නොකරමින් මහජන අවශ්‍යතා නොසලකා හැරීම,
# සෞඛ්‍ය පරිපාලනය තුල වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අවශ්‍යතා නොසලකා හැරීම
වැනි මූලික ඉල්ලීම් 7ක් සදහා විසදුම් ලබා දෙන ලෙස බලකරමින් පළාත් කිහිපයක් තුළ විරෝධතා මාලාවක් දියත් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පසුගිය සතියේ කටයුතු කර තිබුනි.
අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය !