පසුගිය මානව හිමිකම් දිනය දා (දෙසැ 10) බදුල්ල බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන්ට කළ පහර දීම

වසං කිරීමට බදුල්ල මානව හිමිකම් කොමිසමේ කාර්යාලය සහ බදුල්ල බන්ධනාගාරය ක්‍රියා කළ බව හෙළි දරව් වී තිබේ.

ඒම හෙළිදරව්ව ඇතුළත් වන්නේ එලෙස පහර කෑ රැඳවියන්ගේ ඥාතීන් විසින් මඩකලපුව මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකිනි.

මෙම පහර දීම ගැන ආංරචි වූ ඥාතීන් විසින් බදුල්ල මානව හිමිකම් කොමිසමෙන් කරන ලද විමසීමට පිලිතුරු වහයෙන් කියා ඇත්තේ එම රැඳවියන්ට පහර දීමක් සිදුව නැති බවයි.

බදුල්ල බන්ධනාගාර බලධාරීන්ද දී ඇත්තේ එම පිළිතුරමය.



එසේ නමුත් එම රැඳවියන්ගේ ඥතීන් ඔවුන් බැලීමට ගිය විට දැක ඇත්තේ දරුණූ ලෙස පහර කෑමට ලක්ව සිටි රැඳවියන්ය. ඔවුන් දැකීමෙන් තමන් පුදුමාකාර කනගාටුවකට පත් වූ බව දෙමළ බසින් කරන ලද එම පැමිණිල්ලේ සඳහන් වේ. මෙම රැඳවියන්ට පහර දුන් පිරිස් ඔවුන්ට පහර දී ඇත්තේ ඉස්ලාමීය අන්තවාදින් ලෙස චෝදනා කරමිනි.



පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංඟුවට ගෙන නඩු නොපවරා දෙවරකටත් වඩා රඳවා සිටින මෙම රැදවියන් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙස ඥතීන් විසින් කරන ලද ඉල්ලීමට තවම නිසි ප්‍රතිචාරයක් ලැබී නැත.


එම පැමිණිල්ල පහත සඳහන් වේ.


කොමසාරිස්,
මානව හිමිකම් කොමිසම,
මඩකලපුව.
16-12-2021.


බදුල්ල බන්ධනාගාරයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කරනු ලබන පැමිණිල්ල


පසුගිය අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටි මුස්ලිම් ජාතික පුද්ගලයන්ගෙන් 9 දෙනෙකු 2019-12-07 දින මඩකලපුව බන්ධනාගාරයේ සිට බදුල්ල බන්ධනාගාරයට මාරු කර යවා ඇත. ඔවුන් මේ වන විට මාස 30කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇත.

2021-12-10 දින රාත්‍රී ආහාරය බෙදා දෙන අවස්ථාවේදී අනෙක් සිරකරුවන්ගේ හදිසි අමානුෂික ප්‍රහාරක් හේතුවෙන් එම සිරකරුවන් හතර දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර දින පහක් ප්‍රතිකාර ලබා ඇත.

මේ බව දැන ගත් විගස අපි (බදුල්ල) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළත් එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වී නොමැති බවත් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවත් අපට දැනුම් දෙන ලදී. තවද, අප බදුල්ල බන්ධනාගාරයට දුරකථනයෙන් කතා කර විමසූ විට එවැන්නක් සිදු වී නොමැති බවත්, ඔවුන් සියලු දෙනාම හොඳින් සිටින බවත් අපට පැවසීය.

එසේ නමුත් ඊයේ 15වන බදාදා අප බන්ධනාගාරයට ගොස් ඒ අය දුටු විට පුදුම දුකක් ඇති විය. තුවාල ලැබූ හතර දෙනාගෙන් එක් අයෙකුගේ හකු කැඩී ගොස් ඇති අතර ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇත. තවත් අයකුගේ හිසට එල්ල කරන ලද දැඩි පහරක් හේතුවෙන් මැහුම් දහතුනක් දමා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වී හදිසි ප්‍රතිකාර ඒකකයේ සිට ඇත.

අනෙක් සිරකරුවන් දෙදෙනාගේ අත්වල පටක ඉරී ගොස් තිබූ අතර බඩට දරුණු පහරවල් එල්ල වී තිබිණි. එම හදිසි ප්‍රහාරයෙන් අනෙක් අය කම්පනය පත් ව අතර  පිළිකා රෝගයෙන් පෙළෙන සිරකරුවෙකු ක්ලාන්ත වී ඇද වැටී දණහිසට තුවාල වී රෝහල් ගතව දින දෙකක් ප්‍රතිකාර ලබා ඇත.

අනෙක් තිදෙනා දිව ගොස් සැඟවී සිටි ප්‍රහාරයෙන් යන්තම් බේරී ඇත. මේවා කළේ කවුරුන්ද යන්න හෙළි කිරීමටවත් ඔවුන් සූදානම් නැති අතර දැඩි බියකින් හා කම්පනයකින් පසුවේ.

එබැවින් මෙම සිරකරුවන්ට සම්බන්ධ නඩු කඩිනම් කිරීමට පියවර ගන්නා නිර්දෝශී පුද්ගලයින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත්, එතෙක් මෙම සිරකරුවන් වෙනත් බන්ධනාගාරයකට මාරු කර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, මෙම ත්‍රස්තවාදී සහ ජීවිත තර්ජනාත්මක ප්‍රහාර සෙසු සිරකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අපි ඔබතුමාගෙන් නිහතමානීව ඉල්ලා සිටිමු.

ඔබගේ විශ්වාසි,

විපතට පත් සිරකරුවන්ගේ ඥාතීන්.


(srilankabrief.org)

 

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
 
 
බැසිල්ට ගහන කොන්ත්‍රාත්තුව අගමැතිගෙ වැඩක්?
 
 
 
 රාජපක්‍ෂවරු රටින් පැනයාම අරඹයි !| මොණරවිලගේ ලියමන
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්