දැනට ගනු ලබන ක්‍රියාමාර්ග තුළින් මෙම වසර අවසාන වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය

අමෙරිකානු ඩොලර් බිලියන 03 කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


 ප්‍රධාන විදේශ විනිමය ලැබීම් අතර මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සමග අමෙරිකානු ඩොලර් බිලියන 02 ක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතුළත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රජය විසින් ද්විපාර්ශවික මූල්‍යන පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබා ගැනීම් මෙන්ම බහුපාර්ශවික සංවිධාන තුළින් ණය ගැනීමේ ක්‍රියාවලියක ද යෙදී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

 මීට අමතරව බලධාරීන් විසින් ඉහළ මට්ටමේ විදේශ සංචාරවලදී සාකච්ඡා කරන ලද විදේශ විනිමය පහසුකම් ලැබීම් ද ඉදිරියේදී සාර්ථක වනු ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වාදී ඇති දිරිදීමනා ක්‍රමය සහ අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම හා පරිවර්ථනය කිරීමේ අවශ්‍යතා වැනි විදේශ විනිමය වෙළඳපලේ පැති කිහිපයක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කරන ලද මැදිහත්වීම් මගින් නිල සංචිත තවදුරටත් ගොඩනගා ගැනීමට හැකියාව පවතින බවත්, විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ මෑතකාලීන වර්ධනයන් සහ සංචාරක පැමිණීම්වල ක්‍රමික වර්ධනයත් සමග ඉදිරි කාලය තුළ විදේශීය අංශය වඩා යහපත් තත්ත්යකට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එමගින් වර්තමානයේ දක්නට ලැබෙන පීඩනයන් යම් දුරකට සමනය වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

 මෙම අපේක්ෂිත විනිමය ගලා ඒම් සමග ලබන වසර පුරා නිල සංචිත තත්ත්ව හිතකර මට්ටමක පවතිනු  ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(nethnews.lk)

 

 

 

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
 
රාජපක්‍ෂලාට දේව කණ්නලව්වත් හරහට !| මොණරවිලගේ ලියමන්
 
 
 
ආණ්ඩුවෙම අය බැසිල්ට ගහන එක අගමැතිගෙ වැඩක්?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්