මත්පැන් නිෂ්පාදන බලපත් 3ක් අලුතින් නිකුත් කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.



එම ආරංචි මාර්ගවලට මෙසේ බලපත් නිකුත් කිරීමට නියමිතව ඇත්තේ, දැනටමත් මත්පැන් නිෂ්පාදනයේ නිරතව සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයින් දෙනෙකුට හා හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයකු ගේ සොයුරකු වෙතයි.

ඒ අනුව, නව බලපත්‍ර මේ මස 31 දිනට පෙර නිකුත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රමිතියෙන් යුතු මත්පැන් නිෂ්පාදනය කර විදේශයන් වෙත යැවීම විශාල අදායමක් උපයා ගැනීමටත්, ඒ හරහා  අයවැය හිඟය යම්තරමකින් හෝ පියවා ගැනීමටත් රජය බලාපොරොත්තුවේ.

මත්පැන් අලෙවියෙන් රජයට දිනකට රුපියල් කෝටි 50ක බදු ආදායමක් ලැබෙන අතර මසක ආදායම කෝටි 1500කි.

ඒ අනුව මාස 12ක සුරාබදු අදායම කෝටි 16,000 ඉක්මවා ලැබන නමුත් කොවිඩ් වසංගතය නිසා මෙම වසරේ රුපියල් කෝටි 2700ක බදු ආදායමක් අහිමිව ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තුමේන්තුව ගණන් බලා තිබේ.

 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
රාජපක්‍ෂලාට දේව කණ්නලව්වත් හරහට !| මොණරවිලගේ ලියමන්
 

 
ආණ්ඩුවෙම අය බැසිල්ට ගහන එක අගමැතිගෙ වැඩක්?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්