මානව හිමිකම් උල්ලංඝන හා යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඉහල පෙලේ සාකච්ඡාවක් පවත්වා තිබේ.



ජනාධිපතිවරයා විසින් වොෂින්ටනයට අලුතින් පත් කර යවන ලද තානාපතිවරයා මෙම සාකච්ඡාව අන්තර්ජාලය ඔස්සේ පවත්වා ඇත්තේ ගෝලීය අපරාධ යුක්තිය සම්බන්ධ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සමගය.

“ශ්‍රී ලංකාවේ බරපතල අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් පියවර ගැනීමට නම් සහ වගඋත්තර දායකත්වය ඇතුළු සැබෑ පියවර ගැනීම අවශ්‍ය වෙයි,” යනුවෙන් රාජ්‍ය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරී මයිකල් ජී කොසාක් තානාපතිවරයා ට්වීට් කර ඇත.

සාමය සහ සංහිඳියාව උදෙසා ශ්‍රී ලංකාව සතු දේශීය යාන්ත්‍රණයක අවශ්‍යතාව තානාපති මහින්ද සමරසිංහ විසින් අවධාරණය කරන ලද බව වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා දූත මණ්ඩලය පවසයි.

“සත්‍යය, සංක්‍රාන්ති යුක්තිය, සහ සංහිඳියාව සම්බන්ධයෙන් වෙනත් රටවල් තමන් විසින්ම කරන ලද මුලපිරීම් තානාපතිවරුන් විසින් සලකා බලන ලද අතර, එම ක්ෂේත්‍රවල මෑත උත්සාහයන් පිළිබඳ උදාහරණ දෙස සමීප අධ්‍යයනයක් ශ්‍රී ලංකාවට වාසි සලසනු ඇති බවට එකඟ වූහ,” යි   වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.  

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
Democracy Over Dictatorship - Krishantha cooray
 


බැසිල් කියන්නෙ විනාශ කිරීමේ ඇමති ! | "ස" ගේ දැනගැනීම පිණිසයි

 
රාජපක්‍ෂලාට දේව කණ්නලව්වත් හරහට !| මොණරවිලගේ ලියමන්
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්