ටයි එකක් දාගෙන ඉන්න හැමෝටම වියත්මග කියන්න එපා යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය

නාලක ගොඩහේවා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ සක්‍රිය දේශපාලනයට ගෙන ආ වියත්මග සංවිධානයේ කැඳවුම්කාර ආචාර්ය නාලක ගොඩහේවා එම ඉල්ලීම කලේ දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''දැං හැමදේටම කියනවා වියත්මග කියලා. පහුගිය කාලයේ කවුරුහරි මෙනවා හරි ප්‍රශ්නයක් ඇතිකර ගත්තොත් ඒකට වියත්මග කියනවා. ටයි එකක් දාගෙන ඉන්න හැමෝම වියත්මග. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් මොනවා හරි වරදක් කළොත් ඒකට වියත්මග කියනවා.

පාර්ලිමේන්තුවේ කී දෙනාද ඉන්නේ වියත්මගේ. වියත්මගෙන් නොමිනේෂන් හම්බුනේ 9 දෙනෙකුට විතරයි. පාර්ලිමේන්තුවේ ආසන 225කට අපිට නොමිනේෂන් දෙනකොට වියත්මගට දුන්නේ 9යි. ඉතුරුවා දුන්නේ නෑ. ඒක තමයි ඇත්ත කථාව. ඒ නවයෙන් අටක් දින්නා. එක්කෙනෙක් මම. නොමිනේෂන් 50 කට විතර දුන්නා නම් 45ක් විතර දිනනවා. දුන්නේ නෑනෙ. දුන්නේ 9ක් විතරයි. ඒකෙන් 8ක් දින්නා ඒ අට දෙනා පාර්ලිමේන්තුවට ආවා එක්කෙනෙක් වත් කැබිනට් එකේ නෑ. රාජ්‍ය ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. එච්චරයි.

වියත්මග කියලා තියෙන්නේ. සමහර විට වියත්මගට දුන්නා නම් ඔයිට වඩා වෙනසක් වෙන්න තිබුණා. දුන්නේ නෑ. ඒක තමයි යථාර්ථය.

ඊළඟට සභාපතිවරු, සංස්ථා සභාපතිවරු,  ඔක්කෝම වියත්මගේ වගේ කථාකරන්නේ. සංස්ථා සභාපතිවරු ඉන්නවා දෙසීයක් මේ රටේ. ඒ දෙසීයෙන් වියත්මගේ හිටියේ 25යි. අටෙන් එකයි. ඒ විසිපහෙනුත් දැන් පහක් විතර අස්වෙලා. මොනවා හරි රාජ්‍ය ආයතනයක වරදක් වුණාම කවුරුහරි වරදක් කළාම ඒ අය වියත්මගේ කියලා කියන එක හරිද ? '' යනු⁣වෙන් ඔහු විමසා සිටියේය.

 

 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
Democracy Over Dictatorship - Krishantha cooray
 
 
අප්පච්චි බේරගන්න චීගෙන් චූ පෑලැන් එකක් !| මොණරවිලගේ ලියමන 
 

 

ඩලස්ගේ අලුත් ගේම! | The Leader TV | Gossip 
 

බැසිල් කියන්නෙ විනාශ කිරීමේ ඇමති ! | "ස" ගේ දැනගැනීම පිණිසයි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්