ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පවතින ඉන්දීය ධීවරයන්ගේ ට්‍රෝලර් යාත්‍රා සහ ධීවර උපකරණ උතුරේ ධීවරයන්ට ලබා දීමට ධීවර අමාත්‍යවරයා පොරොන්දු වී තිබේ.


 අමාත්‍ය ඩග්ලස් දේවානන්ද දෙසැම්බර් 24 වැනිදා යාපනයේ ධීවරයන්ට පොරොන්දු වී ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා පවත්වා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

 ලංකා මුහුදු සීමාව පැන ඉන්දීය ධීවරයන් සිදු කරන මසුන් ඇල්ලීම නතර කරන ලෙස බලකරමින් අද උදෑසන යාපනයේදී විරෝධතාවයක් දියත් කර තිබුනි.

 යාපනය දිස්ත්‍රික් ධීවරයන්ගේ සමුපකාර සංගම් කාර්යාලය ඉදිරිපිටින් විරෝධතා පෙළපාලියක් ආරම්භ කළ ධීවරයන්  යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පැමිණ  දැවැන්ත විරෝධතාවයක් දියත් කර තිබුනේ ප්‍රධාන මාර්ගයද හරස් කරමිනි.

 එහිදී ඔවුන් ඉල්ලා සිටියේ ඉන්දිය ධීවරයන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීම නතර කිරිමට ඉන්දීය ආණ්ඩුව පියවර ගන්නා තෙක් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදු කළ යුතු බවයි.

 එසේම පසුගියදා අත්අඩංගුවට ගත් ඉන්ධීය ධීවරයන් නිදහස් නොකරන ලෙසත් විරෝධතාවය දියත් කළ උතුරේ ධිවරයන් ආණ්ඩුවට බල කර තිබේ.

 පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ විරෝධතාවය පැවැති ස්ථානයට ධීවර අමාත්‍යවරයා පැමිණ පොරොන්දු ලබා දුන් පසු විරෝධතාවය නතර කිරීමට ධීවරයන් කටයුතු කළ බවයි.


ධීවර  විරෝධතාවය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ද සහාය පළ කරන ආකාරය යාපනය මාධ්‍යවේදීන්ගේ කැමරාකාචයට හසුව තිබේ.



දකුනු ඉන්දීය විරෝධතා



උතුරේ ධීවර විරෝධතා හමුවේ නැවත ආරම්භ කරන ලද මෙහෙයුම් මගින් ලංකාවේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ධීවරයන් නිදහස් කරන ලෙස ඉල්ලා දකුණු ඉන්දීය ධීවරයන්ද  පසුගියදා උද්ඝෝෂණයක්  දියත් කර තිබුනි.

 නාවික හමුදා අත්අඩංගුවේ සිටින තම වෘත්තීය සගයන් නිදහස් කරන ලෙස ඉල්ලා රාමේශ්වරම් ධීවරයන් දෙසැම්බර් 19  සිට අඛණ්ඩ වර්ජයක් අරඹා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 තමිල් නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු ඇමැති එස්.ජෙයශන්කර් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ  ලංකා නාවික හමුදා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 55 දෙනා නිදහස් කර ගැනීමට පියවර ගන්නා ලෙසය.




ශ්‍රී ලංකා නාවික හමුදාව දෙසැම්බර් 21 වැනිදා නිවේදනය කර ඇත්තේ විදෙස් ධීවරයන් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා 2021 දෙසැම්බර් 18,19 සහ 20 දිනයන්හී උතුරු සහ උතුරු මැද නාවික විධානයන් මඟින් සිදු කළ අඛණ්ඩ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 10ක් සහ ඉන්දීය ජාතික ධීවරයන් 68 දෙනෙකු නාවික හමුදා භාරයට ගත් බවයි.



ඉන්දීය ධිවර සංවර්ධන දෙපාර්තමේන්තුව හා එරට නාවික පොලිසිය විසින් ධීවරයන්ට දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ  ඉන්දීය මුහුදු සිමා මායිම් පැන මසුන් ඇල්ලීමට ගිය හොත් දැඩි දඩුවම් ලබා දෙන බවය.

 මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඉකුත් මාසයේ ඉන්දියාවේ සංචාරය කරමින් ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කොට මසුන් මැරීමට ගිය හොත් ගැටළු මතුවිය හැකි බවට අනතුරු අඟවා තිබිණි.

 මුහුදු සිමා පැන එන  ඉන්දියානු ධීවරයන්  මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකෑම දිගු කලක පටන් උතුරේ ධීවරයන් මුහුණ දෙන  බරපතල ගැටළුවකි.

 ශ්‍රී ලංකා නාවික හමුදාව එම කොල්ලය වලකා ලන්නට නිසි පියවර නොගන්නා බවට උතුරේ ධීවර සංවිධාන දිගින් දිගටම චෝදනා කර තිබේ.

 මේ නිසා පසු ගිය කාලය තුල උතුරේ ධීවරයන්ට සිදුවූ හානියට වන්දි ලෙස රුපියල් මිලියන 400 ක මුදලක් ලබා දෙන ලෙස උතුරේ ධීවරයන් විසින් මෙරට  ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත ඉල්ලීමක් ද කළේය.

 මේ අතර උතුරේ තුන් දින සංචාරයක් නිම කරමින් මෙරට චීන තානාපති කී සෙන්හොං පවසා තිබුනේ උතුරේ ධීවර පවුල් 2500ක් සඳහා රුපියල් කෝටි දෙකක් වටිනා ධීවර ආම්පන්න, වියලි ආහාර සහ මුව වැසුම් ලබා දුන් බවයි.

 

 

{gallery}Jaffa Protest{/gallery}

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

 

බැසිල් රට ගිය රහස හෙළිවෙයි! | මොණරවිලගේ ලියමන

 

මහ රෑ හූ කෑ ඇමති රාජපක්ෂ පැන දුවයි! | The Leader TV | Gossip

.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්