ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අද (27) දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදීමට නියමිත බවත්, ජනාධිපතිවරයා එම

 ලිපිය භාර ගැනීමට සූදානමින් සිටින බවත් අතිශයෙන්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ සනාථ කර ඇතැයි 'අරුණ' පුවත්පත වාර්තා කර තිබේ.

පී.බී. ජයසුන්දරගේ ක්‍රියාකලාපය පසුගිය දිනවල ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ දැඩි විවේචනයට ලක්විය.

විශේෂයෙන්ම ජනාධිපතිගේ වැඩිමල් සොයුරු අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කල බව 'අරුණ දේශපාලන කොලමේ' ද සඳහන් විය. පී.බී.ගේ උපදෙස් මත ක්‍රියාකිරීම නිසා ජනාධිපතිවරයා සහ රට බරපතල අගාදයකට ගොස් ඇති බව චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ජනාධිපතිවරයා ඉදිරිපිට දීම පී.බී. ජයසුන්දරට පැවසු බව 'අරුණ දේශපාලන කොලමේ' පැහැදිලිව සඳහන් විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී වත්මන් කර්මාන්ත ඇමති විමල් වීරවංශ එවකට පී.බී. ජයසුන්දර හදුන්වාදෙනු ලැබූයේ ආර්ථික ඝාතකයෙකු ලෙසය. මහින්ද රාජපක්ෂ රජය පිරිහීමට ප්‍රධාන හේතුව ලෙස ද විමල් එවක පී.බී. ජයසුන්දරට ප්‍රසිද්ධියේම චෝදනා කළේය.

පී.බී.ගේ ලියුම භාරගන්න ජනාධිපති සූදානම් බවට වාර්තාව පළකර ඇති 'අරුණ' පුවත්පත ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකුවන ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීරගේ මාධ්‍ය ජාලය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන්නකි.


 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

බුද්ධි අංශ ඔත්තුවක් නිසා තිරුපතිට විශේෂ ආක්‍ෂාවක් ! |මොණරවිලගේ ලියමන

 

 

අයියෝ සීයාට ගොඩාක් අමාරුද? | මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්