සාමුහික වගකීමක් තුළ ඉන් ව්‍යුක්ත මතයක් දැරු පමණින් තම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර දරණ අමාත්‍යවරු තිදෙනකු වන විමල් වීරවංශ, වාසුදේව
නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට තමන්ට කිසිඳු අවශ්‍යතාවක් නැතැයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.
මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ ජනාධිපති නිල නිවසේදී ඊයේ (27) පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ මාධ්‍ය ආයතන ප්‍රධානියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සාමූහික වගකීමක් තුළ එහි ගන්නා තීන්දු තිරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් එය කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සිටියදී නොකර ඉන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව තම අදහස බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඉකුත් ප්‍රේමදාස ආණ්ඩු සමයේද සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් ලලිත් ඇතුළත්මුදලි සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර යන අමාත්‍යවරුන්ට එරෙහිව මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා විසින් නඩු තීන්දුවක්ද ලබා දී ඇති බවද එහිදී ජනපතිවරයා සිහිපත් කළේය.
සාමූහික වගකීම කඩ කර ඇති ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂවල නායකයින් වහාම අමාත්‍ය ධුරවලින් ඉවත්කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් බැසිල් රාජපක්ෂට පක්ෂපාති සමාජ මාධ්‍ය ජාලයන් විසින් පුළුල් ප්‍රචාරයක් මේවනවිට අරඹා ඇති අතර මාධ්‍ය ආයතනවල ප්‍රධානින් කිහිප දෙනෙකුද එම මෙහෙයුමට එක්කරගෙන තිබේ.
බැසිල් ගෙදරම යන කතාවක්! | The Leader TV | Gossip
බුද්ධි අංශ ඔත්තුවක් නිසා තිරුපතිට විශේෂ ආක්ෂාවක් ! |මොණරවිලගේ ලියමන