හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවශ්‍ය සහාය නොලැබුණු බව ජනාධිපති

ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, පුවත්පත් කර්තෘවරුන් සමග ඊයේ (27) පැවති සාකච්ඡාවේදීය.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේ, සිය ධුර කාලයෙන් පළමු වසර දෙක කොවිඩ් වසංගතය වෙනුවෙන්ම කැපකිරීමට සිදුවුව ද තමා භාරගත් සියලු වගකීම් ඉතිරි වසර තුනේදී ඉටුකරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පුවත්පත් කතෘවරුන් අතර හමුව ඊයේ පැවැත්වූණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

රට තුළ පවතින වත්මන් තත්ත්වයන් පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

වත්මන් පොහොර ගැටලුව පිළිබඳ පුවත්පත් කතෘවරුන් කළ විමසීමේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් තමන් ආරම්භ කළ වැඩපිළිවෙලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණ බවය.

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ගොවීන් මානසිකව සුදානම් කිරීමේ වගකීම එම නිලධාරීන් අතින් නිසි පරිදි ඉටුනොවූ බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේවනවිට පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගතව සිටින අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ වැඩ බලන්නේ ජනාධිපතිවරයාගේ ඥාති පුත් ශෂින්ද්‍ර රාජපක්ෂයි.  

 

ජනාධිපතිවරයාගේ කාබනික පොහොර ව්‍යාපෘතිය අදාල පොහොර ලේකම් කාර්යාලය, රජයේ පොහොර සමාගම් දෙක වන සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා සීමාසහිත ලංකා පොහොර සමාගමත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත් රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ යටතේ ගැසට් කර තිබේ.  

 

කෙසේවුවද බොහෝදෙනා කතාබහට ලක්නොකළත් ආනයන සීමාකිරීම් හමුවේ ගම්මිරිස් ගොවියන්ගේ ආදායම ඉහළ යාම, කහ වගාකරුවන්ට හොඳ මිලක් ලැබීම, එතනෝල් ආනයනය නතර කිරීම නිසා මෙරට උක් ගොවීන්ගේ ආදායම ඉහළ යාම වැනි ධනාත්මක කරුණු රැසක් ද සිදුවූ බව ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානින් හමුවේ පැවසුවේය.

එමෙන්ම තමා ධුරය ආරම්භ කළ පසු විදේශ ණය ලබාගනිමින් කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ නොකළ බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම රටේ ප්‍රමුඛ අවශ්‍යතාවක් වූවත් ඊට ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රමාණවත් සහයක් නොලැබෙන බවත්, ජනාධිපතිවරයා කියාසිටියේය.

 

ඇතැම් රාජ්‍ය ආයතනවලට ලේකම්වරු, සභාපතිවරු පත්කිරීමේදී උගත්කම මෙන්ම දේශපාලන ධාරාව පිළිබඳ අවබෝධයක් ඇති සමතුලිත පිරිසක් පත්කිරීම වැදගත් බව ජනාධිපතිවරයා පැවසුවේය.

ඔහු සඳහන් කළේ තමා පත්කළ ඇතැම් නිලධාරීන් උගත්කම අතින් පරිපුර්ණ වුවත් රාජකාරී කිරීමේදී යම් දුරස්ථභාවයක් දක්නට ලැබෙන බවය.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සිය ධුරකාලයේ මුල් වසර දෙකම වැය වුවද ඉතිරි වසර තුනේදී ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලු වගකීම් ඉටුකරන බව ජනාධිපතිවරයා පුවත්පත් කතෘවරුන් හමුවේ අවධාරණය කර සිටියේය.

 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 


රාජපක්‍ෂ විරෝධය දරුණු වෙයි ! | මොණරවිලගේ ලියමන
 


බැසිල් ගෙදරම යන කතාවක්! | The Leader TV | Gossip

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්