1200 x 80 DMirror

 
 

වෘත්තීය සමිති කඩාකප්පල් කිරීම ඇතුළු කම්කරු අයිතියට එරෙහි කටයුතු කරන මහා පරිමාන සමාගම් නිසා ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් මතුවන

බලපෑම් දැඩි වෙමින් පවතී.  

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමු කරන IndustriALL ජාත්‍යන්තර වෘත්තීය සමිතිය අවධානය යොමු කොට ඇත්තේ වතුපිටිවල නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ජාත්‍යන්තර වෙළෙඳපලට අත්වැසුම් අපනයනය කරන ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ATG ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ  වෘත්තීය සමිති මර්දනය පිළිබඳවයි.

එම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය මෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රග්නාප්ති උල්ලංඝනයක් බවද ජාත්‍යන්තර සමිතිය පෙන්වා දී තිබේ.

''මේ කම්කරු ආරවුලට මැදිහත් වී විමර්ශන ක්‍රියාවලිය කඩිනම් කරමින් එය සමථයකට පත්කරන්න,'' යැයි IndustriALL ප්‍රධාන ලේකම් අට්ලේ හුයි කම්කරු ඇමැති වරයාගෙන් ඉල්ලා සිටී.

 

ජාත්‍යන්තර කම්කරු සම්මුතීන් කඩදාසි වලට පමණක් සීමා නොකොට ජාත්‍යන්තර ප්‍රජාවට ඇති කැපවීම ශ්‍රී ලංකාව පෙන්නුම් කරන ලෙස ද එම ලිපිය මගින් ඔහු ඉල්ලා තිබේ.

 

නව සමසමාජ පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතියක්ව පැවති වාණිජ හා කාර්මික සේවක සංගමයේ සමිති ශාඛාවක් පිහිටුවීම හේතුවෙන් වතුපිටිවල ATG කම්හලේ කම්කරුවන් 16 දෙනෙකු පසුගිය අගෝස්තුවේ දී අසාධාරණ ලෙස සේවයෙන් දොට්ට දමනු ලැබිණි.

 සමාගමට එරෙහිව පැවරූ නඩු සමථයකට පත් කර ගන්නා ලෙස කම්කරුවන්ට බල කිරීම, වෘත්තීය සමිති පිහිටුවීමට එරෙහිව කම්හල තුළ වැඩමුළු පැවැත්වීම, COVID-19 සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කිරීම, වෘත්තීය සමිති නායකයින් අපකීර්තියට පත් කිරීම සහ දෙමළ ජාතික වෘත්තීය සමිති නායකයෙකුට එරෙහිව සෙසු කම්කරුවන් වාර්ගිකව උසිගැන්වීම, වැනි ATG පාලකයන් විසින් ගෙන ගිය කම්කරු විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ගම්පහ කම්කරු කාර්යාලයේ නඩු ගොනු කර තිබේ.

වාණිජ හා කාර්මික සේවක සංගමය චෝදනා කරන්නේ  කම්කරු දෙපාර්තමේන්තුව විසින් ATG  පාලකයන් සිදු කරන වැරදි සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ මෙතෙක්  නඩුවක් ගොනු කර නොමැති බවයි.

 IndustriALL යනු පතල්, බලශක්ති සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 140 ක මිලියන 50 ක කම්කරුවන් නියෝජනය කරන ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනයකි.

 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
 2024 නාමල් රෙඩි  !- The Leader TV
 
 
තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 

රාජපක්‍ෂ විරෝධය දරුණු වෙයි ! | මොණරවිලගේ ලියමන
 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58