අවධානම දනිමින් සහ අවදානම ගනිමින් යුගදනවි ගිවිසුම පිළිබඳ ඇත්ත උසාවියට සහ රටට හෙළිකිරීමට තීරණය කළ
බවත් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාව ඇමති ධූරවලින් ඉවත් කළ හැකි යැයි හොඳින් දන්නා බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ‘ලංකාදීප’යට ප්‍රකාශකර ඇත.
යුගදනවි ගිවිසුම පිළිබඳ ගත් ක්‍රියාමාර්ගය වැරැදී යැයි ජනාධිපතිවරයා පැවසීම ඒතුමාගේ මතය බව පවසන අමාත්‍ය උදය ගම්මන්පිල, ඒ හෙළිකිරීම වැරැද්දක් නොවන බව තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මතය බව ද සඳහන් කර සිටියි.
යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් තමන් ඇතුලු අමාත්‍යවරුන් පෙනී සිටි මතය නිවැරදි බැවින් අමාත්‍යධූරවලින් ඉවත්වීමේ සූදානමක් නැතැයි ද අමාත්‍ය උදය ගම්මන්පිල පැවසිය. ඒ, නෙත් නිවුස් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමිනි.
උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස සිටිමින්, යුගදනවි ගිවිසුම සම්බන්ධ කැබිනට් තීරණයට එරෙහිව අධිකරණයට යාම හා එම තීන්දුව විවේචනය කිරීම වැරදි බවට ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ යැයි මාධ්‍ය අද වාර්තා කර තිබේ.
ඒ සම්බන්ධයෙන් 'නෙත් නිව්ස්' කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ තමන්ව අමාත්‍යධූරයෙන් ඉවත් කළ ද ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවයි.
සබැඳි පුවත් :
විමල්ලව අස්කරන්න මගේ අදහසක් නැහැ - ජනාධිපති කියයි