යහපාලන ආණ්ඩු සමයේ බඳවා ගත් මධ්‍යම පළාත් ගුරු සහායකයන්ගේ පමණක් සේවය ස්ථිර නොකිරීම නිසා වත්මන් රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව  චෝදනා එල්ලවී තිබේ.


''අනෙකුත් පළාත් වල ගුරු සහායකයන්ට ස්ථිර පත් වීම් ලබා දීලා තියෙනවා, ඒත් මධ්‍යම පළාතේ ගුරු සහායකයන් 380 කට ස්ථිර පත් වීම් දෙන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ,'' යැයි  කඳුරට ජනතා පෙරමුණේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයකු වූ වේලුසාමි රාධක්‍රිෂ්ණන් නුවරඑළියේ දී කඳුරට මාධ්‍යවේදීන් ඉදිරියේ දෙසැම්බර් 27 වැනිදා  පැවසීය.

රාධක්‍රිෂ්ණන් චෝදනා කරනුයේ වත්මන් රාජපක්‍ෂ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක්වන ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) මැදිහත් වීම නිසා මෙම ගුරු සහායකයන්ට ස්ථිර පත්වීම් ලබා ගැනීම අවහිර වී ඇති බවයි.

''වතු කම්කරු ජනයාගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතා මේ ගුරු සහායකයන්ට ස්ථිර පත්වීම් ලබා දෙන්න ආණ්ඩුවත් එක්ක ඉන්න CWC මැදිහත් වෙන්න ඕනෑ,'' යැයි ද කඳුරට ජනතා පෙරමුණු නායකයා පවසයි. 

 
 
 
 
ඇත්තටම The Leader
 
 
 

බැසිල් මයන්තව කඩේ යවයි! 

 

රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 

 
 

තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්