theleaderlk 01

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ඇතුලු භාණ්ඩ ලබාදෙන ආයතන, මෙරටට භාණ්ඩ ලබාදීමට යම් මැලිකමක් දක්වමින් ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය

ආනයනකරුවන් පවසති.

 ඔවුන් පවසන්නේ ලබාගත් භාණ්ඩ වෙනුවෙන් නිසි පරිදි ඩොලර් ගෙවීම් නොකිරීම ඊට හේතු වී ඇති බවයි.

මේ සමඟම තමන් ද ඇතැම් ඇණවුම් සිදුකිරීම තාවකාලිකව නතර කර ඇති බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසති. මුදල් ලබාදෙනතුරු ඇණවුම් ලබාදීම අදාළ සමාගම් නතර කර ඇති බව ඔවුන් කියා සිටියි.

 

මේ අතර ඩොලර් නොගෙවීම හේතුවෙන් වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු බහාලුම් නිදහස් කර ගැනීමේ කටයුතු තවමත් නිසි පරිදි සිදු නොවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසිය. ඔහු පවසන්නේ වෙළඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් ද නිසි විසදුමක් නොලැබුණු බවයි.

 

බහාලුම් නිදහස් කර ගැනීම සඳහා දෙසැම්බර් 31 වනදායින් පසු විසදුමක් ලබාදෙන බව එහිදී ප්‍රකාශවූ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් 'නෙත් නිවුස්' වෙත කියා සිටියේ ය.


ආණ්ඩුවට පක්ෂපාති මාධ්‍ය කියන කතා !


emanisa s

මේ අතර 'අරුණ' පුවත්පත උපුටා දක්වමින්, ආණ්ඩුවට පක්ෂපාති emanisa.lk වාර්තා කර ඇත්තේ, ''ජනතාවට ඉදිරියේ දී ආහාර නැතිව ජීවත් වීමට සිදුවනු ඇතිබවට මහාචාර්ය මෙත්තිකා විතානගේ අනතුරු අඟවා ඇති බවයි. එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.


රටින් මිදි, ඇපල් ආනයනය කිරීම පමණක් නොව අනවශ්‍ය ආකාරයෙන් උත්සව, සැමරීම් පැවැත්වීම නතර කළ යුතු බවත්, ආහාර නොමැතිව මිනිසුන්ට ඉදිරියේදී ජීවත්වීමට සිදුවන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ පැවසුවාය.

ආහාර හිඟයට මුහුණ දීම සඳහා රජය ජනතාවට ඇත්ත තත්ත්වය පැහැදිලි කළයුතු බවද ඇය කීවාය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ආහාර හිඟය පිළිබඳව කල් ඇතිව දැනගෙන සිටි බවත්, එසේ දැනුවත්ව සිටියදී ඔවුන් වැරදි තීරණ ගත් බවත්, සේවයෙන් ඉවත් වන අවස්ථාවේ ආහාර හිඟය පිළිබඳව කාරණා කියා ඵලක් නොවන බවත් මහාචාර්යවරිය සඳහන් කළාය.

ආහාර හිඟයට මුහුණ දීමට ලංකාවට කිසිදු ක්‍රමයක් නොමැති බවත්, කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවට්ටා තිබෙන බවත්, හැම කෙනාම තමන්ට පුළුවන් අයුරින් වගා කටයුතු කිරීම කළ යුතුව ඇතැයිද, තිබෙන පොහොර ප්‍රමාණයෙන් මඤ්ඤොක්කා, කිරි අල ආදිය වවාගෙන එක්දහස් නවසිය හැත්තෑව දශකයේ ජීවත් වූවාසේ අමාරුවෙන් ජීවත් වන්නට සිදුවේවි යැයිද ඇය කීවාය.

“රටින් මිදි, ඇපල් ගෙන්වීම විතරක් නතර කිරීම විතරක් නොවෙයි, අනවශ්‍ය ආකාරයෙන් උත්සව සැමරීම්, විවිධ විවෘත කිරීම් සඳහා පවත්වන උත්සව ආදිය නතර කළ යුතුයි. මොකද ඉස්සරහට එන්නේ මිනිස්සුන්ට කන්න නැතිව ජීවත්වෙන්න සිදුවන කාලයක්. උත්සව ආදියට වියදම් කරන මුදලින් විශාල පිරිසකට කන්න දෙන්න හැකියාව තිබෙනවා. වියළි කලාපයේ බහුතරයක් අද ජීවත් වෙන්නේ එක වේලක් පමණක් ආහාර ගැනීමෙන්. මේ තත්ත්වයෙන් ගැළවෙන්න ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. නමුත්,එහෙම ක්‍රමවේදයක් ආණ්ඩුව සකස් කරනවා පේන්න නෑ. රජය විසින් ජනතාවට යථා තත්ත්වය ප්‍රකාශ කළ යුතුයි. පුළුවන් විදිහට පුළුවන් දෙයක් කරන්න ජනතාව පෙළ ගැස්විය යුතුයි. හොඳම දේ තමන්ම සුළුවෙන් හෝ වගා කටයුතු සිදු කිරීම. මොකද ඉස්සරහට හුඟක් හොරකම් ආදිය වැඩිවේවි. මිනිස්සුන්ට කන්න නැතිවෙද්දී ජනතාව වැරදි වැඩවලට පෙළඹීම වළක්වා ගන්න ක්‍රමවේදයකට අපි සූදානම් විය යුතුයි.” යැයි මහාචාර්යවරිය පවසන්නීය.


 
 
 
ඇත්තටම The Leader
 
 
 

බැසිල් මයන්තව කඩේ යවයි! 

 

 
රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 

 

තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 

නවතම පුවත්