ජන දිවියට හා පරිසරයට හානි පමුණුවමින් කෙරෙන මාදුරු ඔයේ වැලි ගොඩ දැමීම නතර කරන ලෙස ඉල්ලා සිය ගණනක් ප්‍රදේශවාසීන් විරෝධතා පවත්වා

තිබේ.

ට්‍රැක්ටර් 100 කින් පැමිණි 200 කට වැඩි ජනකායක්, කොළඹ -පොලොන්නරුව මාර්ගය හරස් කොට ඊයේ [28] උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ මඩකළපුව හා පොලොන්නරුව දිසා සිමාවේ වඩුමුනෙයි,උත්තුච්චේනෙයි ප්‍රදේශයේ බලපත්‍ර සහිත හා රහිතව වැලි ගොඩ දැමීම වහා නතර කරන ලෙසයි.

මාදුරු ඔයේ වැලි ගොඩ දැමීම හේතුවෙන් වඩුමුනෙයි එල්.පී. , උත්තුච්චේනෙයි සහ වඩුමුනෙයි ගම්මාන වල ජීවත්වෙන පවුල් 800 ක් පමණ බලවත් පිඩාවට පත්ව තිබේ.

ප්‍රදේශවාසින් පවසන්නේ වැලි ගොඩ දැමීමට නිකුත් කර ඇති බලපත්‍ර වලට අමතරව දිනකට වැලි ට්‍රැක්ටර් 50 ක් පමණ හොර රහසේ පටවන බවයි.

මේ හේතුවෙන් උත්තුච්චේනෙයි පාලම අසල සිට වැලිකන්ද මංසන්ධිය දක්වා වූ මාර්ගය, පා ගමනේ යා නොහැකි තරමට අබලන්ව තිබේ.  

වැලි ගොඩ දැමීම නිසා මාදුරු ඔය වන රක්ෂිතයන්ට සිදුවන හානිය නිසා වල් අලි ගම් වැදීම  නිසා තම නිවාස හා වගා බිම් වලට හානි සිදු බවද පීඩාවට පත් ප්‍රදේශවාසීහු පවසති.

මේ පිළිබඳව වගකිව යුතු සියලු පාර්ශවන්ට දැනුම් දුන්නද මේ වන තෙක් කිසිදු විසදුමක් ලබා දී නොමැත.

 
 
 
ඇත්තටම The Leader
 
 
 

බැසිල් මයන්තව කඩේ යවයි! 

 
රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 

තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්