මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ, එම සංචිත ප්‍රමාණය මේ වසර නිමවන තෙක් පවත්වා ගැනීමට හැකිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ඉන්දියානු සංචාරය සියයට 100 ක් සාර්ථක වූ බවත්, ඒ අනුව ඩොලර් බිලියන 2 ක ණය පහසුකමක් (credit line) ලබා දීමට ඉන්දියාව එකඟ වී ඇති බවත් අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ පසුගිය ද ප්‍රකාශකර සිටියේය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීන රජයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක් ලබාදීමට එකඟතාවය පළකර ඇතැයි
මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් 'ද ලීඩර්' දෙසැම්බර් 20 දා වාර්තා කළේය.
සබැඳි පුවත් :
චීනයෙන් බිලියන 1.5 ක ආධාරයක් !
'IMF ප්‍රතික්ෂේප කරන්නේ නැ. ලංකාවට, ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2ක්
බැසිල් මයන්තව කඩේ යවයි!