සාමාන්‍ය වැසියන් ලක්ෂයකට වඩා මරා දමන ලද බව‍ට සාක්ෂි සහිත යුද්ධයේ දී කටයුතු කළ ආකාරය අනුව

ත්‍රස්තවාදී හැඳින්වීම වඩාත් ගැලපෙන්නේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශවලට බවට උතුරේ පළමු මහ ඇමැතිවරයා පොලිසියට කරුණු දක්වා තිබේ.

ජාතීන් අතර අසමගිය ඇති කිරීමට තුඩු දෙන ප්‍රකාශ කරන ලද බවට චෝදනා නගමින් කෙරෙන පරීක්ෂණයකට සහභාගි වෙමින් වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමි සී වී විග්නේශ්වරන් කොළඹ අපරාධ කොට්ඨාශයට පෙන්වා දී ඇත්තේ යුද්ධයේදී මියගිය සංඛ්‍යාව තමන් විසින් ප්‍රකාශ කරන ලද්දේ සැබෑ ගණන් හිලවු ඇසුරින් බවයි.

''ලක්ෂයකට වැඩි සාමාන්‍ය වැසියන් මරා දමන ලද බව පෙන්වීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබේ,'' යි විග්නේශ්වරන් මන්ත්‍රීවරයා පොලිසියට පවසා ඇත.

හිටපු මහ ඇමැති වරයා රූපවාහිනී වැඩ සටහන් වලදී පල කරන ලද අදහස් සම්බන්ධයෙන් අතුරුගිරියේ පදිංචි නදීක දර්ශන වේරදූව නමැත්තෙක් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන්නේ දණ්ඩ නීති සංග්‍රහය, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේය.

‘දෙරණ’ සහ ‘හිරු’ රූපවාහිනී වැඩ සටහන් දෙකක නිවේදකයන් විසින් පවත්වන සම්මුඛ සාකච්ඡා වලදී පල කරන ලද අදහස් පිළිබඳව විමර්ශනය පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) පොලිස් පරීක්ෂක ප්‍රේමවර්ධනට දෙන ලද ප්‍රකාශය හිටපු මහ ඇමැති වරයා විසින් ජන මාධ්‍ය වෙත ලබා දී තිබේ.



“ආණ්ඩුවේ නියෝජිතයන් විසින් සාමාන්‍ය වැසියන් ආරක්‍ෂිත කලාපවලට කැඳවා බෝම්බ ගසන ලදී. රෝහල්වලට බෝම්බ ගසන ලදී. එම ප්‍රදේශයට ආහාර හා ඖෂධ ලබාදීම බරපතල ලෙස සීමා කිරීම මගින් පුද්ගලයන් හාමතින් හා රෝගාබාධයෙන් මියයාමට සලස්වන ලදී,” යි  එහි සඳහන් වේ.



“එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැං කි මූන්ට 2011 දී දෙන ලද විශේෂඥ වාර්තාව පවසන්නේ දළ වශයෙන් සාමාන්‍ය වැසියන් 40,000 ක් මරුමුවට පත්වූ බවයි. ඉන් පසුව 2012 එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවක් තක්සේරු කර තිබූ පරිදි එය අඩුම වශයෙන් 70,000 කි. නිවැරදිතම සංඛ්‍යාව හෙළි කර ගත හැකිවන්නේ ජාත්‍යන්තර විමර්ශනයකින් පමණකි. මුලතිව් දිස්ත්‍රික්කයට ඇතුළුවූ සංඛ්‍යාව සහ ඒ වන විටත් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි සංඛ්‍යාවේ එකතුවෙන්, ජීවිත බේරාගත් සංඛ්‍යාව අඩු කළ විට ලැබෙන ආගිය අතක් නැති සංඛ්‍යාව ලක්ෂයකට බොහෝ සෙයින් වැඩිය.”



 ‘ත්‍රස්තවාදී’ කැප්පෙටිපොල:

LTTE ය ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් CCD කරන ලද විමර්ශනයට පිළිතුරු දෙමින් විග්නේශ්වරන් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ එම සංවිධානය වරෙක ත්‍රස්තවාදී ලෙස හැඳින්වීමත් තවත් වරෙක එසේ නොකිරීමත් සිදුවී ඇත්තේ ආණ්ඩුවේ උවමනාවට ගැලපෙන පරිදි බවයි.


“ශ්‍රී ලංකා රජය විසින් ‘ත්‍රස්තවාදී’ යන වචනය පාවිච්චි කරනු ලබන්නේ ඔවුන් හා එකඟ නොවන්නන් හැඳින්වීමටය. පුද්ගලයකු ත්‍රස්තවාදීද නැතිදැයි වර්ග කරන්නේ රාජ්‍යයයි. තමන්ගේ ස්වයං තීරණ අයිතිය අවධාරණය කරන යමකුට රාජ්‍යය අකැමැති නම් ඔහු ත්‍රස්තවාදියකු ලෙස හඳුන්වනු ලැබේ. රාජ්‍යය යමකුගේ ආගමට කැමැති නැතිනම්, එම ආගමික කණ්ඩායමට අයත් පුද්ගලයන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වනු ලැබේ.”

 


රාජ්‍යය විසින් එසේ නම් කරන ලද සිංහල වීරයකුද තමන්ගේ සාක්ෂියට කැඳවමින් හිටපු මහ ඇමැති පෙන්වා දී ඇත්තේ සිංහල ආධිපත්‍යයට එරෙහිව දෙමළ විමුක්තිය වෙනුවෙන් සටන් වැදුණු LTTE සංවිධානය ත්‍රස්තවාදී ලෙසින් උතුරු නැගෙනහිරදී හැඳින්වෙන්නේ නැති බවයි.

“කැප්පෙටිපොල දිසාවේ ත්‍රස්තවාදියකු හෝ අපරාධකරුවකු ලෙස බ්‍රිතානීන් විසින් හඳුන්වනු ලබද්දී ශ්‍රී ලාංකික ජනතාව ඔහු හැඳින්වූයේ විමුක්ති සටන්කාමියකු සහ වීරවරයකු ලෙසිනි. LTTE කේඩර්වරු පිලිවෙලින් බලයට පත් ආණ්ඩුවල කුරිරු සහ ම්ලේච්ඡ ක්‍රියාකාරකම් වලට විරුද්ධ විමුක්ති සටන්කාමීහු වෙති. සත්තකින්ම එම වචනයෙන් කෙරෙන හැඳින්වීමට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකා හමුදාවයි. උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාව LTTE ය ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන්නේ නැත. ඔවුන්ට එසේ කියන්නේ ආණ්ඩුව සහ ඇතැම් සිංහලයන් පමණකි.”

ඒ ඇතුළු තම මතය කියා පෑම සඳහා ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියෙන් තමන්ට අයිතියක් ඇති බව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර සී වී විග්නේස්වරන් කොළඹ අපරාධ කොට්ඨාශයට දුන් තම කට උත්තරයේ දැඩිව අවධාරණය කර ඇත.


‘දෙරණ’ වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ පිටපතක් නොමැතිව පොලිසියේ ප්‍රශ්න වලට පිළිතුරු දිය නොහැකි බව පවසන දෙමළ මහජන පෙරමුණේ නායකත්වය උසුලන මන්ත්‍රීවරයා ‘හිරු’ සමග කළ පැයක පමණ සාකච්ඡාවෙන් කපා කොටා ප්‍රචාරය කර ඇත්තේ විනාඩි 10ක 12 ක සංස්කරණය කළ කොටස් පමණක් බව කියයි.



අසාද් සාලිට කළ හදිය :

එම රුපවාහිනී නාලිකා විසින් මීට ඉහතදී සංස්කරණය කොට ප්‍රචාරය කරන ලද මාධ්‍ය හමුවක දර්ශන පදනම් කොටගෙන ගොනු කරන ලද චෝදනා පොලිසියට ඔප්පු කරගත නොහැකි වී හිටපු බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලද්දේ මාස නමයක්  සිරබත් කෑමෙන් අනතුරුවය.

නඩු විභාගය පැවැත්වෙද්දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල පවසා තිබුනේ මාධ්‍ය හමුවේ දර්ශන සමස්තයම ප්‍රචාරය කරන ලද්දේ නම්, අසාද් සාලි විසින් පලකරන ලද්දේ ජනතාව අතර සාමය ගොඩනැගීමේ සහ එක ජාතියක් ලෙස නැගී සිටීමේ අවශ්‍යතාව දැක්වෙන අදහස් බවයි.

ඔහුට එරෙහිවද අධිචෝදනා ගොනු කර තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේය.


එම පනත් දෙකම සුළුතර ජන කණ්ඩායම් සහ ආණ්ඩු විරෝධීන් මර්දනයට යොදාගන්නා බවට රජය දේශීය හා විදේශීය මානව හිමිකම් සංවිධානවල දෝෂ දර්ශනයට ලක්ව සිටී. 
 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

 

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

 

මයන්තට බැසිල්ගෙන් කොන්ත්‍රාත්තුවක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්