(ඡායාරූපය Daily Mirror අනුග්‍රහයෙනි)

 

2021 නිදහසින් පසු නරකම වසර බවත්, එළඹෙන්නේ ඊටත් වඩා බියකරු වසරක් බවත් ආර්ථික විද්‍යාඥ නිමල් සඳරත්න අවධාරණය කර සිටියි.


''අපි අවසන් කරමින් සිටින්නේ නිදහසින් පසු ගෙවුණු නරකම වසරය. වෙනත් ඛේදජනක හා බිහිසුණු වසර තිබී ඇත. නමුත් 2021 තරම් බිහිසුණු වසරක් තිබී නැත. එය ආර්ථික වශයෙන් නරකම වසර බවට සැකයක් නැත. අප සිටින්නේ බංකොලොත් වීමේ අද්දරකය.

2021 බොහෝ දේ හිඟ වූ වසරකි. වසර අවසන් වන්නේ අත්‍යාවශ්‍ය ආහාර හිඟයකිනි. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ ගිය වසරක් ලෙසය. සහල්, සීනි, කිරිපිටි, තිරිඟු පිටි, පාන්, ගෑස්, භූමිතෙල්, පෙට්‍රල් හිඟයක් දිගටම පැවතුණි.


වැඩ වර්ජන සහ උද්ඝෝෂණ වසරක්


2021 මහජන පෙළපාලි සහ වැඩවර්ජනවල වසරක් විය. COVID-19 මගින් ඒ වනවිටත් කඩාකප්පල් වී තිබූ අධ්‍යාපනය ගුරුවරුන්ගේ දීර්ඝ වැඩ වර්ජනය හේතුවෙන් අඩාල විය. වෛද්‍යවරුන්, හෙදියන්, වරාය සේවකයන්, තැපැල් හා දුම්රිය සේවකයන් ඇතුළු තවත් අය විටින් විට වැඩ වර්ජනය කළෝය. ආර්ථිකය අඩපණ විය.

වර්ජන සහ වැඩ ඇනහිටීම් වලින් සපිරුණු 2021 විස්තර කළ හැක්කේ “කොට උඩ” ගිය හෝ ‘සෑම විටම කඩා වැටෙන’ තත්ත්වයක පැවති රටක් ලෙස ය. රටේ ඉහළ උද්ධමනයට තවත් තල්ලුවක් සැපයමින් වසර අවසානයේ ඉන්ධන මිල ඉහළ දමන ලදී.

262006960 453104049495792 5277556130289570733 nමෙරට ජනයාට විඳීමට සිදු වූ දුෂ්කරතා අවධාරණය කිරීමට මෙන්, වසර අවසන් වන්නේ ගෙවල්වල ඉවුම් පිහුම් ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ භීෂණයෙනි.


කෘෂිකර්මාන්තය විනාශ කළ අඥාණ තීරණය


කෘෂිකර්මාන්තයට, විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනයට එල්ල වී ඇති දැවැන්ත පහර ඇති වූයේ දැවැන්ත මෝඩකමක් නිසාය. රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම් කිරීමේ හදිසි, අවිද්‍යාත්මක හා අනුවණ තීරණය නිසා රටේ කෘෂිකර්මාන්තය විනාශ වූ වසර ලෙස 2021 බොහෝ කලක් මතකයේ රැඳෙනු ඇත.

නිදහස ලබන විට මිලියන හතක ජනගහනයක් ඇතිව ආනයනය සහල් මත යැපෙන රටක  සිට මිලියන 22 ක සහලින් ස්වයංපෝෂිත රටක් බවට පරිවර්තනය වූ මෙරට නැවත වරක් සහල් ආනයනය මත යැපෙන රටක් බවට පත් කරන ලද්දේ එම මෝඩකම නිසාය. ඒ විදේශ මුදල් රටෙහි නැති අවස්ථාවකය.


ග්‍රාමීය ජීවනෝපායන් නැති භංග කිරීම:


මෙම වැරදි පියවරයන් නිසා කෘෂිකර්මාන්තය කඩාකප්පල් කිරීම රටේ ආහාර නිෂ්පාදනයට බලපෑවා පමණක් නොවේ. එය ග්‍රාමීය ජීවනෝපායන් ද විනාශ කර දැමුයේය.

 
 ආහාර හිඟය සහ ඉහළ මිල ගණන් සහ අඩු ආදායම් හේතුවෙන් ආහාර මිලදී ගත  නොහැකි වීම විසින් ජනගහනයෙන් විශාල ප්‍රමාණයකගේ ආහාර සුරක්‍ෂිතතාවයට තර්ජනයක් ඇතිව වී තිබේ.


ඉතිහාසයේ ලොකුම ස්වභාවික විපත
 

සුනාමි ව්‍යසනයේ 17 වැනි සංවත්සරය  26වදාට ‌යෙදුණි. මීට වසර 17 කට පෙර එදින රට ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපතට මුහුණ දුන්නේය. 
 
වාර්තාවන්ට අනුව පුද්ගලයන් 35,000කට ජීවිත අහිමි විය. තවත් බොහෝ ගණනාවක ගේ නිවාස සහ ජීවනෝපාය නැති විය. ළමුන් විශාල සංඛ්‍යාවක් අනාථ විය. එය මෙතෙක් සිදු වූ දරුණුතම ස්වභාවික ව්‍යසනය විය. එහෙත්, පරස්පර විරෝධී ලෙස, එය මුල්‍යමය ආර්ථික වාසියක් බවට පත් විය.


සුනාමි විපත රජයට ගෙන ආ සහනය


අද මෙන්, නමුත් එතරම් දරුණු නොවන, බාහිර මූල්‍ය අර්බුදයකට රට සුනාමි අවස්ථාවෙහි මුහුණ දී තිබුණි. ප්‍රාතිහාර්යක් මෙන්, ඒකී බිහිසුණු මානව ඛේදවාචකය ලෝකයේ සෑම ප්‍රදේශයකින්ම විශාල මුදල් ප්‍රමාණයක් රට තුළට ගලා ඒම නිසා ආර්ථික ගලවා ගැනීමක් බවට පත් වූයේය.

පුද්ගලයන්, රාජ්‍ය නොවන සංවිධාන (එන්ජීඕ), රජයන් සහ ජාත්‍යන්තර ආයතන විශාල වශයෙන් මුදල් ගලා එවුයේය. බාහිර සංචිත ඉහළ ගියේය. එකී මිනිස් ඛේදවාචක ආර්ථිකය බේරා ගත්තේය.


වෙනත් විපත්
 
 
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය තවත් මානව ඛේදවාචකයක්..
 
 
තවත් ජාතික ව්‍යසන මෙරට ඇති විය. 30 වසරක එල්ටීටීඊ කැරැල්ල සහ සිවිල් යුද්ධය අනෙකුත් බිහිසුණු විපත් ඇති විය.

වඩාත් මෑතදී සිදු වූ තවත් මානව ඛේදවාචකයක් වූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ආර්ථික පසුබෑමක් බවට ද පත් විය.  

පසුව ‌කොවිඩ්-19ගෝලීය මෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයට අහිතකර ලෙස බලපෑවේය.


බිහිසුණු 2021:

වසර අවසන් වීමට ආසන්නව තිබෙන මේ අවස්ථාවෙහි, දශක අටකට වැඩි මගේ ජීවිත කාලය තුළ මෙතරම් බිහිසුණු වසරක් මට සිහිපත් කළ නොහැක.

නිදහසින් පසු වසර 74කට ආසන්න කාලය තුළ භීතිය, භීෂණය, වාර්ගික ප්‍රචණ්ඩත්වය, කැරලි, තිස් වසරක සිවිල් යුද්ධයක් සහ වසර 17 කට පෙර 2004 දී බිහිසුණු සුනාමිය වැනි සිදුවීම් රාශියක් ඇති වුවද, මේ අවසන් වන 2021  වසර ආර්ථික දුගී භාවයේ නරකම වසරය.

එය 1970-77 දරුණු හිඟ කාල සීමාව ද ඉක්මවා යයි.


අදුරු උමඟ තුල ආලෝකයක් නොපෙනේ


ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය, ඉවුම් පිහුම් ගෑස්, විදුලිය විසන්ධි වීම මැද 2021 අවසන් වන්නේ  අඳුරු උමග අවසානයේ ආලෝකයක් නොදැකය. වසර අවසන් වන්නේ පෙර නොවූ විරූ  දැඩි ආර්ථික දුෂ්කරතා සහ හිඟකම්වලින් සමඟය.

දින දෙකකින් උදා වන අලුත් අවුරුද්දේ අපේක්ෂාවන් මේ වසරේ අප අත්විඳී ඒවාට වඩා අඳුරු බව පෙනේ.


බාහිර මූල්‍ය අවධානම:


ජාතියේ බාහිර මූල්‍ය අවධානම තර්ජනාත්මක ය. මේ වසරේ ජනයා මුහුණ දුන් දුෂ්කරතා ගැන කිසිවෙකුට ඒත්තු ගැන්වීමට අවශ්‍ය නැත. ඒවා දැන් වඩා නරක අතට හැරී ඇත.

වසර අවසන් වන්නේ අති විශාල හිඟයන් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ නිවාසවල පිපිරීම් බිය සමඟ ය. මෙයට මූලික හේතුව විදේශ මුදල් නොමැතිකමයි. විදේශ සංචිත පහත වැටී ඇත.


නිගමනය:


ඉදිරියේ දී යම් විදේශ ආධාර නොලැබුණහොත් ජාතිය බංකොලොත් වීමේ අපේක්ෂාවෙන් වසර අවසන් වනු ඇත. අවසන් වන වසර ව්‍යසනකාරී වූවා සේම, උදාවීමට නියමිතව ඇත්තේ අප විදේශ ආධාර ලබාගෙන ප්‍රබල ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු නොකළහොත්  මීටත් වඩා නරක අතට හැරීමට ඉඩ ඇති වසරකි.

21 වැනි සියවසේ මේ 21 වැනි වසර රටට හුදෙක් නරක වසරක් නොවේ. එය නරකම වසරය. එය අන් කිසි වසරකට වඩා බිහිසුණු වසරක් විය.



( 26.12.21 දින සන්ඩේ ටයිම්ස් පුවත්පතට නිමල් සඳරත්න විසින් ලියන ශ්‍රී ලංකා බ්‍රීෆ් සඳහා සිංහලානුවාදය කරන ලද්දේ සේ. පියවර්ධන විසිනි)


(srilankabrief.org)


 
 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

රාජපක්ෂ ප්‍රයිවෙට් ටුවර් ඇන්ඩ්ට්‍ රැවල්ස් ප්‍රයිවෙට් ජෙට් !

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image