එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඇතුළු තරුණ නායකත්වයට පක්ෂය මෙහෙයවීමේ වගකීම පවරා හිටපු අගමැති රනිල්

වික්‍රමසිංහ නව වසරේ ආරම්භයේ සිට ජාතිය ගොඩනැගීමේ ජාතික වැඩසටහනකට දායකවීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව රුවන් විජේවර්ධනගේ නායකත්වය යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ආවරණය කරමින් ලබන සතියේ සිට රට පුරාම එකවර දේශපාලන කටයුතු ඇරඹීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙලෙස එකවර ක්‍රියාත්මක කරන ක්ෂෙත්‍ර හතර වන්නේ තරුණ සංවිධාන, කාන්තා එකමුතුව, පළාත් පාලන ආයතන මහජන නියෝජිත හමුව සහ බිම් මට්ටමේ සාමාජික වැඩසටහන් ය.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් අනුව පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදන වැඩ කටයුතු මේ වන විට මුළුමනින්ම අවසන් කර තිබෙන හෙයින් ලබන සතියේ සිට පූර්ණ කාලීනව දේශපාලන කටයුතු ආරම්භ කරන බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළේය.

බිම් මට්ටමේ පක්ෂ දේශපාලන කටයුතු ඇරැඹීමත් සමග ආසන මට්ටමින් වගකීම් බාර දෙන නව සංවිධායකයින් හඳුන්වාදීමේ වැඩසටහන ද ක්‍රියාවට නංවන බව එජාප මහලේකම්වරයා පැවසිය.

පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහා ලේකම් පාලිත  රංගේබණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නව වසරේ එක්සත්  ජාතික පක්ෂ දේශපාලන කටයුතු ක්‍රියාවට නැංවෙයි.

 

එජාප නායකයා අලුත් වැඩකට අතගැසීමට සුදානම් වන්නේ,  ජනාධිපතිවරයා විසින් ඔහුව අගමැති ලෙස පත්කර ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමේ සුදානමක් ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිරයමින් තිබෙන මොහොතක දී වීම විශේෂ කාරණයකි.

 

එහෙත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් හෝ එජාප නායකයාගේ පාර්ශවයෙන් ඒ පිළිබඳව මෙතෙක් කිසිඳු අකාරයේ ප්‍රතිචාරයක් දක්වා නොමැති නමුත්, ආණ්ඩුව මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා හිටපු අගමැතිවරයා පසුගිය සති කීහිපයේ විවිධාකාරයේ යෝජනා ඉදිරිපත් කර තිබිණ.

මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම බව  හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය 28 දා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ප්‍රකාශ කර සිටියේය.




සබැඳි පුවත් :


බරපතල දේශපාලන පිපිරීමක් අතළඟ ! - හිටපු අගමැති

 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

රාජපක්ෂ ප්‍රයිවෙට් ටුවර් ඇන්ඩ්ට්‍ රැවල්ස් ප්‍රයිවෙට් ජෙට් !

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්