සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද උදේ 7ට උතුරු පළාතේ ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය හෙට උදේ 7ට අවසන් වේ.



මෙම වර්ජනය උතුරු පළාතේ සියළු රෝහල් හා සෞඛ්‍ය ආයතනහි ක්‍රියාත්මක වූ අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයින් මෙම වැඩවර්ජනයට සහභාගී විය.

එම වර්ජනයට සමගාමීව යාපනය නගරය පුරා විරෝධතා පා ගමනකින් ගොස්, යාපනය බස් නැවතුම්පල තුලදී විරෝධතා රැලියක්ද පවත්වන ලදී.

සෞඛ්‍ය සේවාව තුල අඛණ්ඩ වරජනයක් ආරම්භ කිරීමට පෙර ගැටලු සදහා වහා විසදුම් ලබා දෙන ලෙසත්, ගැටලු විසදීමට හැකියාවක් නොමැතිනම් හැකි අයෙකුට බාර දී ඉවත්වන ලෙසත් එම රැලිය ඇමතූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කලේය.


Health Workers Protest 2Health Workers Protest 3Health Workers Protest 1Health Workers Protest 5Health Workers Protest 4

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලයේ ප්‍රධාන ඉල්ලීම්

මූලික ඉල්ලීම් 7ක් සඳහා විසදුම් ලබා දෙන ලෙස බලකරමින් පළාත් කිහිපයක් තුළ විරෝධතා මාලාවක් දියත් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පසුගියදා තීරණය කර තිබිණ. 

 
ඒ අනුව, දෙසැම්බර් 23 වැනි බ්‍රහස්පතින්දා දින සබරගමු පළාත තුළ වැඩ වර්ජනයක් දියත් විය.

1. පරීපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ උපාධිධාරී වැටුප් විෂමතාවය ඉවත් කිරීම.

2. සමාන්තර සේවා සමග පවතින වැටුප් විෂමතාවය ඉවත් කල රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීම.

3. වෛද්‍ය සේවාවේ ඒකාධිකාරියට ලක්ව ඇති සෞඛ්‍ය පරිපාලනය සදහා පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය නිළධාරීන් සදහා අවස්ථාව සලසා දීම.

4. පාලනයකින් තොරව ඉහල යන ඖෂධ මිල, ගජ මිතුරන්ගේ ගසා කෑම සදහා ස්ථාපිත කර ඇති තාක්ෂණික ඇගයිම් මාෆියාව වැලැක්වීම සදහා විධිමත් කළමණාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.

5. දීමනා විෂමතාවය ඉවත් කිරීම.

6. අමාත්‍ය මණ්ඩලයඅනුමත කල මාණ්ඩලික සේවා තත්වය, සහ 5/7 උසස්වීම් ක්‍රමය සදහා වහා චක්‍රලේඛ නිකුත් කිරීම.

7. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 මගින් ඇතිකර ඇති සේවා වර්ගීකරණය, උසස් වීම් ක්‍රමය, ඇතුලු අසාධාරණය වැඩවසම් ප්‍රතිපත්තිය ඉවත් කොට නව වැටුප් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම
 

 

 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

රාජපක්‍ෂලා එළවීම හූවේ සීමාවත් පනියි ! | මොණරවිලගේ ලියමන 

 

රාජපක්ෂ ප්‍රයිවෙට් ටුවර් ඇන්ඩ්ට්‍ රැවල්ස් ප්‍රයිවෙට් ජෙට් !

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්