ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රජයේ මාධ්‍ය ආයතන කිහිපයක් ම සභාපතිවරුන් ඉවත්කර ඒ වෙනුවට අදාල ක්ෂේත්‍රය පිලිබඳ

මනා පළපුරුද්දක්, නිපුනත්වයක් හා දේශපාලන අවබෝධයක් ඇති පුද්ගලයින් පත්කිරීමට විෂය බාර අමාත්‍යය ඩලස් අලහප්පෙරුම පියවර ගෙන තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යවරයා එවැනි පියවරක් ගෙන ඇත්තේ ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුවය.



වසංගත තත්වයක් තිබිය දී පවා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යපෘති හා ක්‍රියාමාර්ගවලට මෙන්ම, ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය හරහා නිසි අකාරයෙන් ප්‍රචාරයක් නොලැබීම ජනාධිපතිවරයාගේ බලවත් කනස්සල්ලට හේතුවී තිබේ.



ඒ අනුව නිසි ප්‍රගතියක් පෙන්වා නොමැති රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානින් ඉවත් කර සුදුසු අය පත්කර ගන්නා ලෙස ජනාධිපතිවරයා, ජනමාධ්‍ය ඇමතිවරයාට දැනුම් දී ඇතැයි පැවසේ.

 ජනාධිපතිවරයා විසින් මෑතකදී ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය ඇමතිවරයා පත්කළ නමුත්, ඔහුට කිසිඳු රාජ්‍ය මාධ්‍ය ආයතනයක සභාපති තනතුරුවලට හෝ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලට තමන්ට අභිමත කිසිවකු පත්කර ගැනීමට නොහැකි තත්වයක් මතුව තිබිණ.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරුන් විසින් එම පත්වීම් සිදුකර තිබු අතර ඔවුන් බොහෝදෙනෙකු ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා තුට්ටුවකට හෝ මායිම් කර නොතිබිණ.

 

 

 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

රාජපක්‍ෂලා එළවීම හූවේ සීමාවත් පනියි ! | මොණරවිලගේ ලියමන 

 

රාජපක්ෂ ප්‍රයිවෙට් ටුවර් ඇන්ඩ්ට්‍ රැවල්ස් ප්‍රයිවෙට් ජෙට් !

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්