බිඳ වැටෙන රටේ ආර්ථිකය නිසා වඩාත් පිඩාවට පත් වතු කම්කරුවන් ඉන් මුදා ගැනීම සඳහා

වතුකරයේ ඇති ඉඩම් ඔවුන් අතරේ බෙදා දිය යුතු බවට වෘත්තීය සමිතියක් ආණ්ඩුවට යෝජනා කර තිබේ.

''රටේ ආර්ථික ප්‍රශ්න නිසා වඩාත් පීඩාවට පත්ව සිටින්නේ වතු කම්කරු ජනතාවයි. ඔවුන් ඉන් මුදා ගැනීමට  වතුකරයේ තිබෙන හෙක්ටයාර් 37000 ක මුඩු ඉඩම් වලින් එක් පවුලකට අක්කර දෙක බැගින් වගාවන්ට හා සත්ව පාලනයට බෙදා දෙන්න,'' යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ වෙත ලිපියක් යොමු කරන පසුගියදා අගමැතිවරයා අතින් ශ්‍රමාභිමාන සම්මාන ලැබූ කෘෂිකර්ම වතු කම්කරු කොංග්‍රසයේ  ලේකම්  රෙන්ගයියා මරුදමුත්ත ක්‍රිෂ්ණසාමි ඉල්ලා සිටී.

මේ මගින් වතු කම්කරුවන් ඉඩම් හිමිකරුවන් බවට පත් කර තේ නිෂ්පාදනය මිලදී ගන්නේ නම් වතු කම්කරු ජනයාගේ සමාජ ප්‍රශ්න වලට විසදුම් ලැබෙන බව එම ලිපියේ සඳහන් වේ.



වතු හිමිකරුවන් ලෙස සමාජ පිළිගැනීමත්, ස්ථිර සාර ජීවනෝපායත්, හේතුවෙන් වතු කම්කරුවන් තුලින්ම තේ නිෂ්පාදනය ඉහල නංවා ගැනීමට හැකියාව උදා වෙනු ඇතැයි කෘෂිකර්ම වතු කම්කරු කොංග්‍රසය පෙන්වා දෙන්නේ වසර ගණනාවකට පෙර ගාල්ල මාතර හා කෑගල්ල දිස්ත්‍රික් වල අත් හදා බැලුණු මෙවැනි වැඩපිළිවෙලක් සාර්ථක වී ඇති බවය. ඔවුන් කුඩා තේ වතු හිමියන් ලෙස වඩා හොඳින් සංවිධානය වී තේ නිෂ්පාදනයට වැඩි දායකත්වයන් සපයනු ලැබේ.



දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට පඩි පාලක සභාව නිර්දේශ කිරීමත් සමඟ වතු කම්කරුවන් ප්‍රශ්න රැසකට මැදි වූ බව ආර්.එම්. ක්‍රිෂ්ණසාමි  අගමැතිවරයාට පෙන්වා දී තිබේ.

කම්කරු නීති රෙගුලාසි වලට අනුව ඉරිදා හා පෝය දිනවල සේවය කළ හොත් ඒ වෙනුවෙන් දවස් එක හමාරක වැටුපක් ගෙවිය යුතු වුවද, මේ හිමිකම වතු කම්කරුවන්ට අහිමිය.

එපමණක් නොව ඉතා සුළු සිදුවීමකට පවා වතු පාලකයන් විසින් පොලිසිය කැඳවීමත්, පොලිසිය නිතරම වතුවලට ඇතුල් වීමත් නිසාවෙන් වතු කම්කරු සමාජයට බාධාවක් වී ඇති බැවින්, එවැනි දේ දිගින් දිගටම සිදුවේ නම් වතු ආර්ථිකය තවත් පසුබෑමට ලක් වන බව ද කෘෂිකර්ම වතු කම්කරු කොංග්‍රසය අගමැති වෙත දන්වා තිබේ.

 
 

 

 
 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

 

අලි සබ්‍ර්රිගේ porn කතා! | Gossip

  

රාජපක්‍ෂලා එළවීම හූවේ සීමාවත් පනියි ! | මොණරවිලගේ ලියමන 

 

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්