theleaderlk 01

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් බිහිකිරීම උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක

"සක්වල" වැඩසටහන තණමල්විල බෝදාගම මහා විද්‍යාලයෙන් ඊයේ (30) ආරම්භ විය.

සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු සහ නවීන පරිගණක පරිත්‍යාග කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.

'සක්වල' වැඩසටහනෙහි නියමු ව්‍යාපෘතිය ලෙස රුපියල් අටලක්ෂ හැත්ත හය දහස් එකසිය පනහක් (රු. 876,150.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ තණමල්විල බෝදාගම මහා විද්‍යාලයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පරිත්‍යාග කළ අතර අදාල පරිත්‍යාග විදුහල්පති  ඩබ්.පී. සෝමරත්න මහතා වෙත භාරදෙනු ලැබීය.

දුෂ්කර පාසල් තුළ අධ්‍යාපනය හදාරන දුවාදරුවන්ට නවීන තාක්ෂණික දැනුම වර්ධනය කිරීම අරමුණු කොට ගනිමින් "සක්වල" වැඩසටහන නිර්මාණය කර ඇති බව විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

 

සී.ඩබ්.ඩබ් කන්නන්ගර මැතිතුමා දශක ගාණකට කලින් මේ රට ගොඩනගන්න නිදහස් අධ්‍යාපනය ඇතිකළ යුතුයි කියා නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගන්න පැය ගානක් කතා කළ බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ ශ්‍රේෂ්ඨ අදහසටත් ඇතැම් එරෙහි වූ බව සිහිපත් කළේය. 

 

"ඔය වැඩෙන් වෙන්නේ අපේ වතුවල පොල්ගහකට යවන්නවත් කොල්ලෙක් හොයාගන්න බැරිවෙන එක" යයි ඇතැම් බලපුළුවන්කාර ප්‍රබලයින් පවසද්දී කන්නන්ගර මැතිතුමා අප්‍රමාණව කැපවී නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගත් බව විපක්ෂ නායකවරයා පැවසිය.

මේ රටේ මිනිසුන්ගේ ඉරණම් කතාව වෙනස් උනේ එතැනින් බව පැවසූ විපක්ෂ නායකවරයා, අද වෙනවිට "ඔන්ලයින්"අධ්‍යාපනය, පරිගණක තාක්ෂණය  අත්‍යවශ්‍ය තත්ත්වයකට පත්ව ඇති බවත් සක්වල වැඩසටහන නිර්මාණය කළේ එහි අඩුව තමන්ට හැකි පමණින් පිරවීම සඳහා බවත් එහිදී වැඩිදුරටත් පැවසීය.


නූතන අධ්‍යාපනයේ නව නිදහස් අරගලය


විපක්ෂයේ ඉඳගෙන තමන් ආරම්භ කරපු "සක්වල" වැඩසටහන යනු  නූතන අධ්‍යාපනයේ නව නිදහස් අරගලය බවද ඔහු අවධාරණය කර සිටියේය.

විපක්ෂය හැටියට තමන් මෙවැනි වැඩ කොටසක් ඉටු කරද්දී ඊට සාපේක්ෂව ආණ්ඩුව වෙතින් සිදුවන කටයුතු පිළිබඳව ඇත්තේ බරපතළ කනගාටුවක් බව පැවසූ විපක්ෂ නායකවරයා, නත්තලට පෙරාතුව තෙල් මිල ඉහළ නංවා නත්තල් තෑග්ග ලබාදුන්න ආණ්ඩුව, අලුත් අවුරුද්දට පෙරාතුව කිරිපිටි මිල ඉහළ නංවා අවුරුදු තෑග්ග ද ජනතාවට ලබා දී ඇතැයි ද පැවසීය.

''උනුත් එකයි මුනුත් එකයි''  යන්න සමගි ජන බලවේගයට අදාල නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා, සමගි ජන බලවේගය යනු නූතනවාදී මානුෂීයවාදී නව දේශපාලන ව්‍යාපාරයක් බව ද පැවසීය.


 
 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

අලි සබ්‍ර්රිගේ porn කතා! | Gossip

  

රාජපක්‍ෂලා එළවීම හූවේ සීමාවත් පනියි ! | මොණරවිලගේ ලියමන 

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

 

නවතම පුවත්