ජනවාරි මස 31දා තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ලැබූ පසු රජයේ උපදේශක තනතුරක් හෝ
වෙනත් කිසිදු රාජ්‍ය වගකීමක් බාරනොගන්නා බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විශේෂ ප්‍රකාශයක් කරමින් 'දේශය' පුවත්පතට අවධාරණය කර ඇත.
ආචාර්ය පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේසක ලෙස පත්කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණ.
කෙසේවුවද ආචාර්ය ජයසුන්දර 'දේශය' පුවත්පතට පවසා ඇත්තේ, තමන් රැකියා විරහිත උපාධිධරයකු නොවන බැවින් තවදුරටත් රජයේ තනතුරු අපේක්ෂා නොකරන බවයි.
අලුත් පොතක් ...
ජනාධිපති ලේකම් ධුරයෙන් සමුගත් පසු තමන්ගේ රාජකාරි අත්දැකීම් අලලා ග්රන්ථයක් සම්පාදනය කරන බව පවසන ආචාර්ය ජයසුන්දර, එම ග්‍රන්ථයේ මූලික පරිච්ඡේද දැනටමත් ලියා අවසන් කර ඇතැයි ද කියා සිටියි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන්ගේ ආණ්ඩුවල වගකිවයුතු ඉහළම තනතුරු දැරූ තමා ඉදිරි කාලයේ නිදහසේ සිටීමට අපේක්ෂා කරන බැවින් ඊට සැමගේ සහයෝගය අපේක්ෂා කරන්නේ යැයිද ජනාධිපති ලේකම්වරයා කියා සිටියි.
අභිනව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ට තමන් සුබ පැතූ බවද සඳහන් කර ඇති ආචාර්ය ජයසුන්දර, හෙතෙම මෙම තනතුර දැරීමට අත්දැකීම් හා හැකියාව ඇති කාර්යක්ෂම නිලධරයකු බව සඳහන් කර සිටියි.
අභිනව ජනාධිපති ලේකම්වරයාට අවශ්‍ය ඕනෑම සහායක් ඔහුගේ අවශ්‍යතාව පරිදි පිටත සිට ලබාදීමට කැමැති බවත් ආචාර්ය ජයසුන්දර සඳහන් කරයි.
ඉල්ලා අස්වීමේ ලිපිය :
ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ආචාර්ය ජයසුන්දර ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති දීර්ඝ ලිපිය ආන්දෝලනාත්මක කරුණු රැසකින් සමන්විත බව පැවසෙතත්, එය වෙනත් කිසිඳු පාර්ශවයක් වෙත ලබා නොදීමට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ තිබේ.
කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, අමාත්‍ය විමල් වීරවංශ සම්බන්ධයෙන් බරපතල විවේචනයක් ඉදිරිපත්කර ඇති බවයි.
රටම අන්දන නාඩගමක් !
මේ අතර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුයේ, ආචාර්ය ජයසුන්දර ඉල්ලා අස්වීමේ කතා එතරම් ලොකුවට ගණන් නොගන්නා ලෙසයි.
'' ඔන්න බලන්න මිනිහ හෙට උදේ අයෙත් ජනාධිපති ලේකම් පුටුවේ වැඩිවෙනවා. බැසිල් ලොක්කා එයාට යන්න දෙන්නේ නැහැ. අනෙක එයාගේ යාලුවෝ යෙහෙළියෝ එයාට යන්න දෙන්නෙත් නැහැ.
ඔය පී.බී. ජනාධිපතිවරු කීදෙනෙක් එක්ක හිටියද .. එයට බලයක් නැතුව ඉන්නත් බැ . එයා දන්නවා යහපාලන කාලේදී බලයක් නැතුව ඉන්දෙද්දී වෙච්ච දේවල්. ඒ නිසා ඔය පී.බී. ගැන යන කටකතා සීරියස් ගන්න එපා..'' එම ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන