මේවනවිට රට බරපතල මුල්‍ය අර්බුදයටකට ලක්ව ඇති බැවින් ඖෂධ ආනයනය මුළුමනින්ම ඇනහිටින ලකුණු මතුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර

ආරංචිමාර්ග වලින් වාර්තාවේ.  

මේ අතර 'ඉරිදා අරුණ' පුවත්පත වාර්තා කර ඇත්තේ,  ඖෂධ ආනයනය කිරීමට පිරිනමා ඇති ටෙන්ඩර් හැට එකකට ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම්වල ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ නියාමන, සැපයීම්, නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි.

ඩොලර් හිඟය හේතුවෙන් නිකුත් කර ඇති ටෙන්ඩර්වලට ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබේ.

එමගින් රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇති වීමේ අවධානමක් මතුව තිබෙන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත විවිධ වෙළෙඳනාම යටතේ එකම ඖෂධය වර්ග කිහිපයක් ආනයනය කරන බව අමාත්‍යාංශය හඳුනාගෙන තිබේ.


රට ඖෂධ වෙනුවට දේශීය නිෂ්පාදනය වැඩි කරයි


පවතින අර්බුදයට විකල්පයක් ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හා දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් අටක නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන ලෙස ඖෂධ සැපයීම, නිෂ්පාදනය හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ. මෙම ආයතනවල ඉතා ඉහළ ගුණාත්මක හා තත්ත්ව පාලනයෙන් යුතු ඖෂධ වර්ග 124ක් නිෂ්පාදනය කෙරේ.

සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්තිය යටතේ රටට අවශ්‍ය ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

ඒ අනුව මේ වන විට ඖෂධ කර්මාන්තශාලා දහයක් පමණ ඉදි වන අතර පිළිකා මර්දන ඖෂධ ඇතුළු තවත් ඖෂධ වර්ග සකස් කළ හැකි කර්මාන්ත ශාලාවක් ඉදිකර නාරම්මල ප්‍රදේශයේ වසා දමා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම කර්මාන්ත ශාලාවේ පිළිකා මර්දන ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් අවසර නොදීම ඊට හේතු වී ඇත. එම කර්මාන්ත ශාලාව ඖෂධ නිෂ්පාදනයට සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ගේ වාර්තාවක් ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට ද ලබා දී තිබෙන බව වාර්තා වෙයි.

 

විදේශීය රටවලින් ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහා බැංකුව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ‘සති අග අරුණ’ කළ විමසුමක දී ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පවසා තිබේ.

 

තවද දේශීය වශයෙන් නිපදවන ඖෂධ සියල්ල ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්ත බැවින් රෝගී සත්කාර සේවා සඳහා එම ඖෂධ භාවිත කරන ලෙස ලේකම්වරයා වෛද්‍යවරුන්ගෙන් ද ඉල්ලා සිටියි.


IMF යන්න ඕන - රාජ්‍ය ඇමති නිමල් ලන්සා


වත්මන් මුල්‍ය අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසන්නේ, මුල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (IMF ) හෝ  වෙනත් මුල්‍ය සංවිධානයකට යායුතු බවයි.

ඔහු එබව කියා සිටියේ, මීගමුවේ පැවති ජනහමුවකදීය.

''ගොඩක් ප්‍රශ්නවලට හේතුවෙලා තියෙන්නේ ඩොලර් නැති ප්‍රශ්නය. මේ ප්‍රශ්න විසදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට, වෙනත් මුල්‍ය සංවිධාන වෙත ගිහිල්ලා තාවකාලිකව මේ ප්‍රශ්නය විසද ගන්න ඕනේ.'' ඇමතිවරයා එහිදී සඳහන් කළේය.


(මුලාශ්‍රය - අරුණ -aruna.lk)

 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
  

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්