මේ වනවිට රට තුළ ඇත්තේ ගෑස්-කිරිපිටි-භූමිතෙල් පෝලිම් යුගයක් බව නොරහසකි. ඒ අනුව ජනතාවට සිදුව ඇත්තේ පැය ගණන් පෝලිම්වල සිට ගෑස්-

කිරිපිටි-භූමිතෙල් මිලදී ගැනීමටයි.

මේ හේතුවෙන් ඊට රාජ්‍ය අංශයේ සේවකයන්ට ද තම රාජකාරි සිදුකරගැනීමට බාධාවක් වී ඇත්තේ ඔහුන්ටද මෙම පෝලිම් වල සිටීමට සිදුව ඇති බැවිනි.

පසුගිය දිනෙක එවැනි රාජ්‍ය සේවකයෙක් කිරිපිටි, ගෑස් පෝලිමේ සිටීම සදහා සිය ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටි ඇති බවට වාර්තාවේ.

මේ ඒ සම්බන්ධයෙන් සමාජ මධ්‍යයේ පලවී ඇති ජායාරූපයක්

polim 825x412


ගෑස්, කිරිපිටි පෝලිම්වලින් ලොක්කන්ට හූ හඬ

ගෑස්, කිරිපිටි, භූමිතෙල් වැනි භාණ්ඩ මිල දී ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින දිගු පෝලිම් හේතුවෙන් දැන් දැන් මහජන විරෝධය ද උත්සන්න වී ඇත.

එය මේ වන විට රජයේ මැතිඇමතිවරුන් ඇතුළු ප්‍රධානීන් හට ප්‍රසිද්ධියේ "හූ කීම" දක්වා උත්සන්න වී තිබේ.

රටපුරා මේ වන විට පවතින ගෑස්, කිරිපිටි හිඟය හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව පාරිභෝගිකයෝ පවසති.

ආනයනික කිරිපිටි මිල ගණන් දෙසැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ පහත පරිදි එම මිල ගණන ඉහළ දැමූ බව යි:


# කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රු. 150කින් - නව මිල රු. 1,345 යි

 

# ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 60කින් - නව මිල රු. 540 යි


මීට පෙර ඔක්තෝබර් මාසයේදී කිරිපිටි ඉහළ දැමුණි.



මිරිහානේ කිරිපිටි පෝලිම ගැන සොයන්න ජනපතිගෙන් උපදෙස්:

කිරිපිටි පෝලිම්


ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම හේතුවෙන් නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ දේශීය කිරිපිටි අලෙවිහලක් ඉදිරිපුට පසුගිය දිනවල දිගු පෝලිම් දක්නට ලැබුණි.

කෙසේ වෙතත් මේ වන විට එම ස්ථානයේ කිරිපිටි පෝලිම් නොතිබෙන අතර ටෝකන් ක්‍රමයට කිරිපිටි අලෙවි කරමින් ඇත.

"මෙතන පෝලිම තිබිච්ච එක නැති කරේ ජනාධිපතිට හූ කියපු හින්දා. නැත්නම් පාඩුවේ මිනිස්සු කිරි අරන් ගියා," කිරිපිටි මිල දී ගැනීමට පැමිණි එක් කාන්තාවක් මාධ්‍යට පැවසිය.

"ඒ කට්ටිය ඡන්දේ දීපු 69 ලක්ෂයට නෙවෙයි සලකන්නේ, එයාලට ඡන්දෙට වියදම් කරපු ජාවාරම්කාරයින්ට," තවත් නම හෙළි කිරීමට අකමැති වූ පාරිභෝගිකයෙකු පැවසිය.

ටෝකන් ක්‍රමයට ලබාදීමට තරම් හෝ ප්‍රමාණවත් කිරිපිටි අදාල වෙළඳසළේ නොවූ බැවින් බොහෝ පිරිසකට හිස් අතින් නිවෙස් වෙත යාමට සිදුව ඇති බවට අප වාර්තාකරුට දැක ගත හැකි විය.

මේ අතර, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ, මිරිහාන ජුබිලි කණුව, ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි පැල්වත්ත කිරිපිටි නිශ්පාදන සමාගමේ නිශ්පාදන මිල දී ගැනීමට මහජනතාව දිගුපෝලිම්වල රැඳී සිටීමට හේතුව කුමක්දැ යි සොයාබලන ලෙස ජනාධිපතිවරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන් වෙත උපදෙස් දී ඇති බව යි.

 

පෝලිම් ඇතිවීමට හේතුව අදාල අලෙවිහල මඟින් කිරිපිටි නිශ්පාදන නිකුත්කිරීමේ දී ඇති වන ප්‍රමාදයත්, එක් කවුළුවකින් පමණක් නිශ්පාදන අලෙවි කිරීමත්බව නීරීක්ෂණය වී ඇතැ යි පොලීසිය පවසයි.

 

එබැවින් පැල්වත්ත කිරිපිටි නිශ්පාදන සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක සමග බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡාකර, අවශ්‍ය ප්‍රදේශවල සමාගමේ අලෙවි ස්ථාන වැඩිකොට නිශ්පාදන බෙදාහැරීමේ කටයුතු ආරම්භකර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව මහජනතාවට තදබදයකින් තොරව හා පෝලිම්වල රැඳී සිටීමකින් තොරව ස්ථාන කිහිපයක දී කිරිපිටි නිශ්පාදන මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇති අතර, දෙසැම්බර් 31 සිට අලෙවි ස්ථාන තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බව අදාල සමාගම පොලීසිය වෙත දැනුම් දී ඇත, යනුවෙන් එම නිවේදනයේ තවදුරටත් සඳහන් විය.

මෙම සිද්ධිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු පළ කරමින්, "පොලීසිය මඟින් කිරිපිටි අලෙවි ස්ථාන සීල් තැබීමට කටයුතුකර ඇතිබවට" වැරදි තොරතුරු පළ කර ඇති බවත්, මෙම අසත්‍ය ප්‍රචාරය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පොලීසිය නිවේදනය කළේ ය.

එහෙත් ප්‍රදේශවාසීන් බීබීසී සිංහල සේවය සමග පවසා ඇත්තේ,  අදාළ සිදුවීම සිදුවූ දිනයේ එම කිරිපිටි අලෙවි සල මිරිහාන පොලීසිය විසින් වසා තැබූ බවයි. ඊට පසුදින අදාළ කිරිපිටි අලෙවිහල විවෘත කළ ද දැඩි පොලිස් ආරක්ෂාවක් අදාළ ප්‍රදේශයේ දක්නට ලැබේ.

(මුලාශ - aruna.lk +BBC සිංහල සේවය)

 
 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
  

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්