අර්බුදයේ කර වටටම එරී සිටින ආණ්ඩුව ජාතිවාදී භික්ෂුන් යොදා ගෙන හමුදා පාලනයකට අර අඳින බව
විපක්ෂයේ දෙමළ පක්ෂයක් සිංහලයන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.
''හමුදා පාලනයක් ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාවිච්චි කරන ප්‍රධාන අවිය එක් රටක් එක් නීතියක් ප්‍රධානි ගලබොඩඅත්තේ ඥානසාර හාමුදරුවෝ,'' යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරයි.
ආර්ථික අර්බුදය හමුවේ රට බේරාගැනීමට නම් හමුදා පාලනයකට බාර දිය යුතු බව එක් රටක් එක් නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉකුත්දා ප්‍රකාශ කොට තිබුණි.
''තුවක්කුව යටතේ හැම කෙනෙකුටම හිමිවන්නේ මරණයයි. බරපතළ ආර්ථික අර්බුද මැද පවා දෙමළ ජනයා ජිවත් වන්නේ හමුදා පාලනය යටතේයි. එය දෙමළ ජනයාට අලුත් දෙයක් නොවේ. මේ ගැන සිංහල ජනයා අවබෝධයෙන් සිටිය යුතුයි,'' යැයි ඔහු අවධාරණය කරයි.
ප්රජාතන්ත්ර අයිතීන් ගැන කතා කළත් සිරගත කරන ආණ්ඩු පාලනයක් යටතේ ජිවත් වන්නට ජනතාවට සිදුව ඇති බව පෙන්වා දෙන ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පවසන්නේ හමුදා පාලනයක් ගෙන ඒම වෙනුවෙන්, සිරගත කළ යුතු පුද්ගලයන් නිදහස් කර ඔවුන් තමන්ගේ ආයුධ ලෙස ජනාධිපතිවරයා විසින් පාවිච්චි කරන බවය.
''දැනුත් අපි ජිවත් වෙන්නේ හමුදා පාලනය යටතේ. මේක දෙමළ ජනයාට අලුත් දෙයක් නොවේ. නමුත් සිංහල ජනයාට නම් භයානක කාලයක්. 70 දශකයේදී කතරගම රූ රැජින මනම්පේරිව නිරුවත් කරලා ඝාතනය කළා. ප්‍රේමදාස ආණ්ඩු කාලෙදිත් සිංහල තරුණ තරුණියෝ 60,000 ක් වෙඩි තියා මරා දැම්මා. හමුදාවට සිංහල දෙමළ කියලා බේදයක් නැහැ,'' යි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී පෙන්වා දෙයි.
ආමාතයංශ 14 ක ලේකම්වරු ලෙස හමුදා ප්‍රධානින් පත් කර ඇති අතර තවත් ආණ්ඩුකාරධූර, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලෙසද හමුදා නිලධාරින් පත් කර තිබේ.
මාධ්‍ය වෙත ශ්‍රීධරන් පවසන්නේ බුද්ධ පුත්‍රයන් යැයි කියා ගන්නා හාමුදුරුවරුන් දැන් එක් රටක් එක් නීතියක් කියන “අලුත් අවතාරයකින්” පෙනී ඉන්නා බවයි.
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන