මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ හෙක්ටයාර් විසි හතක භූමි ප්‍රමාණයක් යන්ත්‍ර සුත්‍ර යොදා වැලි කැණිමට

නීති විරෝධීව අවසරයක් ලබා දි ඇතැයි පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.


සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සමිබන්ධීකරක රවින්ද්‍ර කාරියවසම් පැවසුයේ, ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් අමාත්‍ය මහින්ද අමරවීරට අවැසි හිතවතුන් වෙත වැලි කැණීම්  බලපත්‍ර නිකුත් කරන ලෙස ඔහු භූ විද්‍යා හා පතල් කැණීම්  කාර්‍යංශයට දිගින් දිගටම බලපෑමි කරමින් සිටින බවයි.

රවින්ද්‍ර කාරියවසම් තවදුරටත් කියා සිටියේ, සොබාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැලි කැණීම් සදහා අවසර ලබාදී ඇත්තේ අහංගම කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙත බවයි.


භූ විද්‍යා පතල් කාර්‍යංශය විසින් මහා පරිමාණ කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සදහා පාරිසරික තක්සේරුවක්  සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවේදීතාවය පිළිබද අධ්‍යයනය කල යුතුය. එසේ නොමැතිව මහා පරිමාණ  වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නීති විරෝධී  ක්‍රියාවලියකි.  

 

මීට පෙර මෙම ප්‍රදේශයේ සුළු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශවාසීන් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැනීම මෙම සොබාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබිණි.

එමෙන්ම විසල්මා කන්ස්ට්‍රක්ෂන් ආයතනය වැලි කැණීම් සඳහා බලපත්‍ර ඉල්ලා සිටියත් එම ප්‍රදේශයේ ඇති පාරිසරික සංවේදීභාවය නිසාම එම වැලි බලප්‍රතය ලබාදීම භූවිද්‍යා හා පතල් කාර්යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

 

අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැණීමට අවසර දී ඇති සාපි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිණාමිකව ගලා යාමේ දී සොබාවික ලෙස නිරීමාණය වු ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇති ප්‍රදේශයක් මෙන්ම සොබාවික පාරිසරික සංවේදී කලාපයක්ද වේ.



2021/57/B අංකයෙන් නිකුත් වූ  2021 ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැලි කැණීම් සම්බන්ධව කල වාර්ථාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත්  කර ඇති නිසා එමගින් මහවැලි ගඟේ ඉවුරට විශාල වශයෙන් හානි පැමිණ ඇත. එමෙන්ම  ප්‍රදේශයේ ලවණතාවය වැඩි වී ඇති බවට පර්යේෂණ මගින් සනාත වී ඇත.  

erfdfdfගංගා හා ගංගා රක්ෂිත ආරක්ෂාව වෙනුවෙන්ම රජය විසින් නිර්මාණය කල වාර්තාව                                        

 

 


Leader Whats app

 
 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
  

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්