රටේ මුහුණ සිටින බරපතල අර්බුදයන්ට විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බවත්
දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් පැවසීය.
රටම අමාරුවෙ වැටුණේ කරන්න බැරි දේවල් කිරීමට යෑම නිසා යැයි ද හෙතෙම පවසයි.
ආහාර අර්බුදයට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවද රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේය.
''කෘෂිකර්ම ඇමති ෆේල්''
බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්ම ඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත, කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම "ෆේල්" බවද ප්‍රකාශ කළේය.
රටේ ඩොලර් නැතිනම් ඒවාට වගකිව යුතු වන්නේද ඩොලර් නැති කළ අය බව ඔහු පෙන්වා දුන්නේය.
පොහොර ටික නැති කළාම බඩු මිල ඉහළ යන එක කියන්නත් දෙයක් දැයි මෙහිදී ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා, ආණ්ඩුවේ සිටියත් ප්‍රතිපත්ති තීන්දු ගන්න ස්ථානවල තමා නැති බවත් තමා බංකුවක තබා සිටින බවත් හෙතෙම කීවේය.
(ලංකාදීප -lankadeepa.lk)
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන