පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද හමුදාකරණයට එරෙහි අරගලයේ කැපී පෙනෙන දෙමළ දේශපාලන හා සමාජ ක්‍රියාධරයකු ලබන 04 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර

තිබේ.

 මුලතිව් පොලිසිය මගින් දෙසැම්බර් 30 වැනිදා සිය නිවසේදී අත්අඩංගුවට ගත් තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභික හා එම පක්ෂයේ යොවුන් පෙරමුණේ භාණ්ඩාගාරික පීටර් ඉලන්චේලියන් ලබන 04 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් මේ වසරේ මුල් දවසේ නියෝග කළේය.

අත්අඩංගුවට ගත් ඉලන්චේලියන් මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් නිල නිවස වෙත රැගෙන ගොස් මෙම නියෝගය ලබා ගත් පොලිසිය ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.



මුලතිව් හි සමාජ හා දේශපාලන ක්‍රියාධරයෙක් වන පීටර් ඉලන්චේලියන් වට්ටුවාහල් ගෝඨාභය නාවික හමුදා කඳවුරට ප්‍රදේශයේ ජනයාට අයත් ඉඩම් පවරා ගැනීමට එරෙහිව උද්ඝෝෂණය කිරීම නිසා පොලිසිය විසින් නඩු පවරා ඇති සිව් දෙනාගෙන් අයෙකි. ඊට අමතරව මහවිරු තහනම් නියෝග ලබා ගැනීමේදී  මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිසි කිහිපයකින්ම ඔහුගේ නම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



එසේ ලබා ගත් අධිකරණ නියෝගයක් බාර නොගෙන පොලිසිය ආපසු පිටත් කර යැවුයේ අදාල ලියවිල්ලේ ඔහුගේ නම වෙනුවට මිය ගිය සිය පියාගේ නම සටහන් කර තිබීම නිසාය.

 ඉකුත් මහවිරු දිනය දා පොලිසිය විසින් ඔහුව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත්තේ LTTE විරුවන් සැමරීමට උත්සාහ කරන බව පවසමින්ය.

Leader Whats app

 
 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
  

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්