''ගෑස් අර්බුදයට වගකිවයුත්තන් එල්ලිය යුතුයි. එසේ නොකිරීමේ ප්‍රතිපල ජනතාවට විදීමට සිදුවී ඇතැයි'' රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.


"මට නම් තාම කොහෙන්වත් හූ කිව්වේ නෑ. මම හූ කියන තත්ත්වයට පත්වෙලත් නෑ . මොකද මම මිනිස්සුත් එක්ක ඉන්න නිසා. මිනිස්සුන්ට ආදරේ කරනවා නම් සහ නිහතමානි වෙනවා නම් මම හිතන්නේ නෑ කාටවත් හූ කියයි කියලා. නිහතමානි වෙන්නේ නැතුව උද්දච්චකමින්, මහන්තත්තකමින් ඉන්න ගියොත් වැඩිකල් යන්නේ නැතුව හූවක් තමයි අපිට කන්න වෙන්නේ." යයි ද හෙතෙම පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා එබව කියා සිටියේ, ඉබ්බාගමුව බතික් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

රසායනික පොහොර භාවිතය නිසා වකුගඩු ලෙඩවන බව කී වෛද්‍යවරුන්, ඉන්දියාවෙන් දැන් ගෙන්වන අධි රසායනික සහිත පොන්නි සම්බා ආහාරයට ගැනීමෙන් මෙරට ජනතාවගේ වකුගඩුවලට සිදුවන බලපෑම ගැන කල්පනා කළ යුතු බව ද ඇමැතිවරයා කියා සිටියේය.

''ආණ්ඩුව විසින් කරපු වැරදි කිහිපයකුත් තියෙනවා. එකක් තමයි මේ පොහොර ගැටළුව. හොඳ දෙයක් කරන්න ගිහිල්ලා දැන් ඒක අනිත් පැත්තට කැරකිලා තියෙන්නේ. ලබන අවුරුද්දේ ඉඳලා අපිට කන්න වෙන්නේ ඉන්දියාවෙන් ගෙන්වන පොන්නි සම්බා තමයි. පොන්නි සම්බා ටිකක් එක්ක අපේ හාල් ටිකක් තියලා බැලුවොත් පොන්නි සම්බා එකේ මැස්සෙක්වත් වහන්නේ නෑ.



''රසායනික පොහොර වකුගඩුවලට බලපානවා කියන්නේ අමූලික බොරුවක්''



හැබැයි අපේ හාල්වල මැස්සෝ වහනවා. ඒ කියන්නේ පොන්නි සම්බාවල රසායනික අන්තිම කෙළවරේ තියෙන්නෙ. රසායනික කාපුවාම වකුගඩු ලෙඩ වෙනවා කියපු දොස්තරලා, ඉන්දියාවේ පොන්නි සම්බා කනකොට වකුගඩුවලට කොයිතරම් බලපානවද කියල දැන් කල්පනා කරන්න ඕනෑ.

ඒ නිසා රසායනික පොහොර වකුගඩුවලට බලපානවා කියන්නේ අමූලික බොරුවක්. මම ඒක බොහොම අවංකවම කියන්නේ. එහෙම එකක් නෑ. අපිට තියෙන්නෙ වතුර ප්‍රශ්නයක්. උදේ කුඹුරට ගියාම හවස් වෙනකන්ම වතුර බොන්නෙ නැතුව අපේ ගොවියෝ විජලනය වෙනවා. ඒක වකුගඩුවලට බලපානවා. අනිත් එක අපි භාවිතා කරන භූගත ජලයේ තමයි කැඩ්මියම් ලෝහය වැඩිපුරම තියෙන්නෙ. ඒකත් වකුගඩුවලට බලපානවා.'' යයි ද ශ්‍රීලනිප ලේකම්වරයා සඳහන් කළේය.


Screenshot 2022 01 03 at 9.45.20 AM

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා එසේ පවසන්නේ, ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටම නව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ  සාකච්ඡා ආරම්භකර ඇති පසුබිමක් තුළයි.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ නව දේශපාලන බලවේගයක් බිහිකිරීම සඳහා සාකච්ඡා එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයකු වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වන මුලික වටයේ සාකච්ඡා මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ දැනටමත් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය.

ඉදිරියේ දී ආණ්ඩුව නියෝජනය කරන තවත් සෙසු පක්ෂ සහ ජාතික බලවේග සමඟ සාකච්ඡා ආරම්භ කරන බවද ශ්‍රීලනිප නියෝජනය කරන අමරවීර ඇමතිවරයා කියා සිටියේය.

නව වසරේ සිට රටට හිතැති නව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට සැලසුම් සකස් කරන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

 

 

 

Leader Whats app

 
 
 
 
 බැසිල්ගේ ගෝලයා ජනපතිට ටොකු අනි ! | The Leader TV
 
 
 
 
 
 
 
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
  

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්