ගෑස්වල පමණක් නොව මේ වනවිට ආණ්ඩුවේද වෑල් මාරුවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ වැඩසටහනකට කොළොන්නාවේදී ඊයේ එක්වෙමිනි.
කොළොන්නාව ආසනයේ සමගි ජන බලවේගයේ ඡන්ද පොළ නායකයින් පත්කිරීමේ වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණි.
එහිදී විපක්ෂ නායකවරයා මෙසේ පැවසිය.
"රට ආරක්ෂා කරන්න ආව විරුවන්ට හූවෙන් ආරක්ෂාවෙන්න සිදුවෙලා. ජනතාව හූ කියන්නේ හේතුවක් ඇතුව. ගෑස්, කිරිපිටි පෝලිම් මිනිස්සුන්ට දරාගන්න බැහැ. සිමෙන්ති මිල ඉහළ දැමීමයි අවුරුදු තෑග්ග. ඒ වගේ තෑගි දෙනකොට මිනිස්සු හූ කියනවා. වෑල් ප්රශ්නය සති තුනකට විසඳන්න බැහැලු. ගෑස් සිලින්ඩරවල විතරක් නෙවෙයි වෑල් ප්රශ්නය ආණ්ඩුවෙත් වෑල් මාරුවෙලා."
අද ගොසිප් එක
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන