ආණ්ඩුවක් ඉදිරියට යාම සඳහා විනය ක්‍රියාමාර්ග ගතයුතු බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මාධ්‍ය හමුවේ එබව සඳහන් කලේ, ජනාධිපතිවරයා විසින් සුසිල් ප්‍රේම්ජයන්ත් ව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ආණ්ඩුවේ සාමාජිකයින් ආණ්ඩුවට එරෙහිව යම් යම් ප්‍රකාශ කරන විට තීරණ ගත යුතුව ඇති බව කියා සිටි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා, ආණ්ඩුව විවේචනය කිරීමට පෙර තත්වය සිතා බැලිය යුතු බවත් සඳහන් කළේය.
කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට ගිය විමල් විරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ද ඔහු අනතුරු ඇඟවීමක් කළේය.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ආණ්ඩුව සම්බන්ධයෙන් යම් විවේචනයක් තිබේනම්, ඒවා කැබිනට් මණ්ඩලය තුල හෝ ආණ්ඩු පක්ෂ රැස්වීම වල දී අදහස් දැක්වීමට ඉඩ ඇතැයි පැවසු තරුණ ඇමතිවරයා, එම කොන්දේසිය කඩකරන්නේ නම් තමාට එරෙහිව වුවද දැඩි තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයාට බලය ඇතැයි කියා සිටියේය.
සජිත්ගේ ආණ්ඩු පෙරළියත් රිවස්! | Gossip
මේ අවුරුද්දෙන් රජ පවුල ඉවරයි ! | මොණරවිලගේ ලියමන
වියත් කතා | The Leader TV
බැසිල්ගේ ගෝලයා ජනපතිට ටොකු අනි ! | ගොසිප් එක