සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ පමණින් ඉදිරියේදී සිදුවීමට නියමිත පිපිරිම වළක්වාගැනීමට

ආණ්ඩුවට නොහැකි බවත්, ආණ්ඩුව නිවැරදි වුණොත්, ආණ්ඩුව හැදුනොත්, ආණ්ඩුව හරිදේ කරන්න පටන් ගත්තොත් ජනතාවගේ ප්‍රශ්න දුක්වේදනා හඳුනාගත්තොත් පමණක් එම පිපිරීම වළක්වා ගත හැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.


ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එබව කියා සිටියේ අද (04) මාතලේ පැවති රැස්වීමක් අමතමිනි.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුව යන වැරදි ගමන නැවැත්වූවේ නැතිනම් මීට වඩා පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට සිදු වනු ඇති බවකි.

සුසිල් ප්‍රේම්ජයන්ත් මෙසේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කලත්, ඉකුත් සතියේ නිමල් ලන්සා අමාත්‍යවරයා ආණ්ඩුවට එරෙහිව බරපතල විවේචනයක් එල්ල කලද  ආණ්ඩුවේ රහස් දන්නා නිසා ඔහුව තනතුරින් ඉවත් නොකරන බවද හිටපු ජනාධිපතිවරයා කීය.



රට මුහුණ දී සිටින තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව වැඩපිළිවෙලකට යොමු වී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී සඳහන් කළේය.


වත්මන් ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක් බවත් පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වන පක්ෂය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගැනීමට නොහැකි තැනකට වැටී ඇතැයි ඇතැමුන් සිතා සිටිය ද එවැනි තත්ත්වයකට පත්ව නොමැති බව ද මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ කඩා වැටීමකට ලක්වුණේ 1977 මැතිවරණයේ දී බව ද ඒ මහතා සඳහන් කළේය.


වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,

"අලුත් අවුරුද්ද ලබලා දවස් 4යි. මේ අවුරුද්දේ පළවෙනියෙන් නිකුත්වුණ ඡන්ද ප්‍රතිඵලය තමයි ගිය සෙනසුරාදා සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිතුමා පොළේ ගියා හැම සුමානේම යන්නවා වගේ. ඒ වේලාවේ මාධ්‍යවේදීන් එතුමාගෙන් ඇසුවා කොහොමද ආණ්ඩුව කියලා. සුසිල් ප්‍රේම්ජයන්ත් මහත්තයා උත්තරයක් දුන්නා, දීලා සුයිප් එකකුත් අරගෙන ආණ්ඩුවට හයේ පාරක් ගහලා ගෙදර ගියා. පැය 24ක් යනකොට මම කියපු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුණා. උදේ ජනාධිපතිතුමා විසින් සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා.


මට පේන විදිහට 2022 අවුරුද්ද එක ඇමතිවරයෙක් අස්කිරීමෙන් පමණක්  සිදුවන සිදුවීමක් වළක්වාගැනීමට ආණ්ඩුවට නොහැකි වෙයි. ආණ්ඩුව නිවැරදි වුණොත්, ආණ්ඩුව හැදුනොත්, ආණ්ඩුව හරිදේ කරන්න පටන් ගත්තොත් ජනතාවගේ ප්‍රශ්න දුක්වේදනා හඳුනාගත්තොත් ඔය පිපිරීම වළක්වා ගන්න පුළුවන්.

පොහොර නැතුව ගොවියා විඳින දුක. මේ රටේ මෑත ඉතිහාසයේ දන්නා පරිදි ඉංග්‍රිසි පාලකයින්ගේ කාලේදීවත් ගොවියාට මෙහෙම වේදනාවක් දුන්නේ නැහැ. ගොවියා සහ කෘෂිකර්මය තලලා පෙළලා, පාගලා, බෙල්ල මිරිකලා නැගිටින්නට බැරිවෙන්න ඉවරම කරලා තියෙන්නේ.



සුසිල්ව අස්කරා පොළේ ගිහින් කියපු කතාවට. ලාන්සා ඇමතිතුමා ගම්පහ ඔයිටත් දරුණු ප්‍රකාශයක් කරා. එයා හයේ පාරවල් දෙකක් ගැහුවා දවස් තුනකට ඉස්සෙල්ලා. හැබැයි ලාන්සාට නෑ ඉල්ලා අස්වීමක්. මම දන්නවා හේතුව ලාන්සාට අත තියන්නේ නෑ. ඒ මොකද ලාන්සා ඔක්කෝම දන්න මිනිහා. වෙන හේතුවක් නෙමෙයි.



 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් වැඩපිළිවෙලකට අවතීර්ණ වුණේ විශේෂයෙන්ම රට තියෙන තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා. අපි මේ ආණ්ඩුව හැදුවා. මේ ආණ්ඩුව අපි බලයට පත්කෙරුවා.

 පොහොට්ටුවේ ජීරණයවෙලා ඉන්න සමහරු කියනවා 69 ලක්ෂය ඒ අයගේම තමා කියලා. නැහැ 69 ලක්ෂය ඒ අයගේම නෙමෙයි. මේ ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක්. මේක හදන්න දේශපාලන පක්ෂ 13ක් එකට එකතු වුණා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය. එතැන ප්‍රබලම පක්ෂය අපි. අද පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වැනි පක්ෂය අපි.

සමහර අය හිතනවා අපේම අය මේ පක්ෂය දැන් හුඟාක් වැටිලා ගොඩගන්න බැරි තැනට විනාශවෙලා තියෙන්නේ කියලා. නෑ. අපි එහෙම වැටිලා නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ වැටීමකට ලක්වුණේ පක්ෂ ඉතිහාසයේ අවුරුදු 70ක 1977 දී බණ්ඩාරනායක මැතිවරණයේ දී අපි ආසන 8ට බැස්සා."

 

 

 

 

Leader Whats app



හූවෙන් රජ පවුලක් ගෙදර යවන පළමු රට ලංකාවයි! | මොණරවිලගේ ලියමන

 

සජිත්ගේ ආණ්ඩු පෙරළියත් රිවස්! | Gossip

 
ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්