රටේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් දූෂණය විසින් ගිල ගන්නා බවත්, එනිසා වහාම කළ යුත්තේ රටේ පවත්නා දූෂණය සහමුලින්ම ඉවත් කිරීම බව විපක්ෂ

නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද රට පුරා පැතිර ඇත්තේ හොරකම දුෂණය සහ අල්ලස බව පවසන විපක්ෂ නායකවරයා, මේ තත්ත්වය සහමුලින් මැඩපැවැත්වීම වෙනුවෙන් සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බව අවධාරණය කර සිටියි.

විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ, සක්වල ව්‍යාපෘතිය සම්පල්තිව් දෙමළ විදුහලට රැගෙන යාමෙන් පසු පැවැති උත්සවයේදීය.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නූතනවාදී සංකල්පයක් ලෙස "ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, "සක්වල" දෙවෙනි අදියර ඊයේ (04) ආරම්භ විය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක"සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු" සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන "සක්වල" වැඩසටහනෙන් රුපියල් හත්ලක්ෂ පනස්දහසක් (රු.750,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ත්‍රිකුණාමලය නිලාවැලි සම්පල්තිව් දෙමළ මහා විද්‍යාලයට පරිගණක තාක්ෂණික උපකරණ පරිත්‍යාග කිරීම ඊයේ  (04) සිදුවිය.

 

විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සක්වල" වැඩසටහන මෙරට දුෂ්කර පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය හදාරන දුවාදරුවන්ගේ නවීන තාක්ෂණික දැනුම වර්ධනය කිරීම අරමුණු කොට ගනිමින් නිර්මාණය කොට ඇත.

 sajith1 sajith 2 d

 

 

 

 

සබැඳි පුවත් :


සජිත් තණමල්විලින් 'සක්වල’' අරඹයි

 

Leader Whats app



රාජපක්සලා ලන්සා අස්නොකරන හේතුව ? - Gossip
 


හූවෙන් රජ පවුලක් ගෙදර යවන පළමු රට ලංකාවයි! | මොණරවිලගේ ලියමන

ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්