රටේ ආරක්ෂාව අනතුරක බව කියමින් රට රැකුමට බලය ලබාගත් වත්මන් රාජපක්ෂ ආණ්ඩුව, මේ වනවිට නිවසේ ආරක්ෂාව බරපතල ලෙස අනතුරේ

හෙළා ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

'' ගෙදර තියන ගෑස් ටැංකි පුපුරනවා, කොයිවෙලාවේ ගේ ඇතුලේ ගින්නක් ඇවිලෙයි ද කියල ගෙවල්වල කාන්තාවෝ බයෙන් ඉන්නේ..  ගෙදර ආර්ථිකය කඩා වැටිලා, එකෙනුත් අසහනෙට පත්වෙලා ඉන්නේ ගෙවල්වල ඉන්න කාන්තාවෝ, අම්මලා. රට පුරාම බෙහෙත් හිඟයක්, ඒ නිසා ගෙදර සෞඛයත් කඩා වැටිලා.. පාරේ තිබුන අනාරක්ෂාව ගෙදරට ඇවිත්. ...

ඒ විතරක් නෙමෙයි තරුණයින් ඉන්නේ බරපතල කළකිරීමක. තරුණයින්ගේ අධ්‍යාපනේ කඩා වැටිලා. ආර්ථිකේ කඩා වැටිලා. අනාගතේ කඩාවැටිලා .. ඉක්මනින් විසඳුමක් නොදුන්නොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්.. ''

රනිල් වික්‍රමසිංහ එබව කියා සිටියේ, ජනවාරි 03 දා 'සිරිකොත' එජාප මුලස්ථානයට පැමිණි අවස්ථාවේදී එජාප තරුණ ක්‍රියාකාරීන් පිරිස් සමග සුහඳ කතාබහක යෙදී සිටියදීය.

මෙවැනි තත්ත්වයක් තුල තරුණ පරම්පරාව අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බවත්, ආර්ථික අර්බුදය හමුවේ මධ්‍යම පාන්තික ප්‍රජාව තුළ අසහනකාරී තත්වයක් දවසින් දවස වර්ධනය වෙමින් තිබෙන බවත්, ආණ්ඩුවේ අදුරදර්ශී ක්‍රියාමාර්ග තුළ බරපතල පීඩාවකට පත්ව සිටින ග්‍රාමීය ගොවි ජනතාව ඉතිහාසයේ පළමු වතාවට දේශපාලනීකරණය වෙමින් සිටින බවත් කියා සිටි රනිල් වික්‍රමසිංහ, එම කරුණු කාරනා රටේ ඉදිරි දේශපාලන ඉරණම තීන්දු කිරීම කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු ඇති බව අවධාරණය කර සිටියේය.

යලි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහය ලබා ගැනීමකින් තොරව, රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් මේ මොහොතේ ගොඩඒමට නොහැකි බව ද හිටපු අගමැතිවරයා සඳහන් කළේය.

රට මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට තවදුරටත් පැලැස්තර විසඳුම් වලින් නොහැකි බව පැවසු රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කරන අතරේ රට හමුවේ විසඳුමක් යෝජනා කිරීමද ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ගේ යුතුකම හා වගකීම බවද වැඩි දුරටත් පැවසිය. 

 


රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 

හූවෙන් රජ පවුලක් ගෙදර යවන පළමු රට ලංකාවයි! | මොණරවිලගේ ලියමන
 


 
ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්