පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද හමුදාකරණයට එරෙහි අරගලයේ කැපී පෙනෙන දෙමළ දේශපාලන හා සමාජ ක්‍රියාධරයකු ලබන 18 වැනිදා දක්වා
යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මුලතිව් පොලිසිය මගින් දෙසැම්බර් 30 වැනිදා සිය නිවසේදී අත්අඩංගුවට ගත් තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභික හා එම පක්ෂයේ යොවුන් පෙරමුණේ භාණ්ඩාගාරික පීටර් ඉලන්චේලියන් ඊයේ [04 ] මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් ටී.සරවනරාජා නියෝග කළේය.
පීටර් ඉලන්චේලියන්ට එරෙහිව දුෂණ චෝදනා දෙකක් ඇති බවත්, ඒවායේ විමර්ශන අවසන් නොමැති බැවින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මුලතිව් පොලීසිය ඉල්ලා සිටියේ.
දෙසැම්බර් 30 වැනිදා අත්අඩංගුවට ගත් ඉලන්චේලියන් දෙසැම්බර් 01 වැනිදා මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් නිල නිවස වෙත රැගෙන ගොස් ජනවාරි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ මෙම නියෝගය ලබා ගත් පොලිසිය ඔහුට එරෙහිව චෝදනා ද ඉදිරිපත් කර කළේය.
මුලතිව් හි සමාජ හා දේශපාලන ක්‍රියාධරයෙක් වන පීටර් ඉලන්චේලියන් වට්ටුවාහල් ගෝඨාභය නාවික හමුදා කඳවුරට ප්‍රදේශයේ ජනයාට අයත් ඉඩම් පවරා ගැනීමට එරෙහිව උද්ඝෝෂණය කිරීම නිසා පොලිසිය විසින් නඩු පවරා ඇති සිව් දෙනාගෙන් අයෙකි. ඊට අමතරව මහවිරු තහනම් නියෝග ලබා ගැනීමේදී මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිසි කිහිපයකින්ම ඔහුගේ නම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එසේ ලබා ගත් අධිකරණ නියෝගයක් බාර නොගෙන පොලිසිය ආපසු පිටත් කර යැවුයේ අදාල ලියවිල්ලේ ඔහුගේ නම වෙනුවට මිය ගිය සිය පියාගේ නම සටහන් කර තිබීම නිසාය.
ඉකුත් මහවිරු දිනය දා පොලිසිය විසින් ඔහුව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත්තේ LTTE විරුවන් සැමරීමට උත්සාහ කරන බව පවසමින්ය.
සබැඳි පුවත් :
හමුදාකරණයට එරෙහි වන්නියේ දෙමළ ක්‍රියාධරයකු රිමාන්ඩ්
රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
හූවෙන් රජ පවුලක් ගෙදර යවන පළමු රට ලංකාවයි! | මොණරවිලගේ ලියමන