නුවරඑළිය දිස්ත්‍රීක්කයට වැඩි සංචාරක ආකර්ශනයක් ලඟා කරගැනීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියක් හරහා ආණ්ඩුවේ


ප්‍රබලයකු ඇතුළු ජාවාරම්කරුවන් පිරිසක් යුරෝ මිලියන 20කට (රුපියල් මිලියන 4760 - four thousand seven hundred and sixty million) ආසන්න කොමිස් මගඩියකට අරඅදිමින් සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

එම ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම ව්‍යාපෘතිය ඉදිරිපත්ව ඇත්තේ 2017 වසරේදී ය.

2020 වසරේදී යුරෝ මිලියන් 38 කට (රුපියල් මිලියන 8,930 - eight thousand nine hundred and Thirty million ) ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබු 'නානුඔය - නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතිය' ම යලි කිසිඳු වෙනසකින් තොරව මේවනවිට යළි ඉදිරිපත්කර ඇත්තේ යුරෝ මිලියන 58ක (රුපියල් මිලියන 13,690 - thirteen thousand six hundred and ninety million) ටය.

ඒ මිල පෙර ඉදිරිපත්කර තිබු මිල ගණන් වලට වඩා යුරෝ මිලියන 20 ක් ඉහල දමමිනි. (මේවනවිට යුරෝ එකක් රුපියල් 240 කි.)

ඒ අනුව මෙම යුරෝ මිලියන 20 ක මුදල ප්‍රබල ඇමැතිවරයකු හා ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු අතරේ බෙදීයාමට නියමිත බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය නානුඔය දුම්රිය පොළ සිට නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි තුරඟ තරඟ පිටිය (රේස් කෝස්) දක්වා කිලෝ මීටර් 06ක් දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ආයෝජන ව්‍යාපෘතිය ඉදිරිපත් කර ඇත්තේ, ජර්මනියේ ස්ථානගතව ඇති ඔස්ට්‍රියන් සමාගමක් විසිනි. එහි දේශීය නියෝජිතයා ලෙස සැලකෙන්නේ අදීෂ් ද සිල්වා නමැත්තෙකි.

Arosh 

එම සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කිරීමට සැලසුම්කර ඇත්තේ, මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලැබීමෙන් පසු බැංකු ණයක් ලබාගනිමිනි.

මෙම ව්‍යාපෘතිය සඳහා අදාල සමාගමට රජයේ අනුමැතිය ලැබුන පසු එම බලපත්‍රය වෙනත් සමාගමකට විකිණීමේ සුදානමක් ගැනද වාර්තා වේ.

 අදාල විදෙස් සමාගම මෙම ව්‍යාපෘතියේ වියදම් පියවාගැනීමට යෝජනා කර ඇත්තේ නානුඔය සිට නුවරඑලියට කේබල් කාර් රථයක ගමන්ගන්නා අයකුගෙන් රුපියල් 5000ක ගාස්තුවක් අය කිරීමෙන් හා එම ව්‍යාපෘතියටම අදාලව ඉදිකෙරෙන ආපන ශාලා හා විවේකාගාර පෞද්ගලික අංශයට කුලියට දීම හරහාය.  


නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම !


මෙම ව්‍යාපෘතියට අදාල ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් නුවරඑළිය නගර සභාව, දුම්රිය දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ හා වන ජීවී දෙපාර්තමේන්තුවල නිර්දේශ අවශ්‍ය වී අතර එම ආයතන  තමන් සතු ඉඩම් මෙම ව්‍යාපෘතියට නොමිලේ වෙන්කර දීමට අදිමදි කිරීම නිසා එම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට තීන්දු කර තිබේ.

ඒ සඳහා අනුමැතිය ගැනීමට කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කිරීමට ද රජය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රට ගොඩනැගීමේ ආර්ථික මෙහෙයුම තුළ මධ්‍යම පළාතේ ආර්ථිකය සවිබල ගැන්වීමට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා කඩිනම් ව්‍යාපෘති රැසක් මාතලේ, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රීක්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට තීන්දු කර අතර එහිදී විදෙස් ආයෝජන මත 'නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතිය' ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

මෙම ව්‍යාපෘතියට අදාල මිට පෙරදී ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනුව (MOU ) මෙම ව්‍යාපෘතියේ ලාබයෙන් සියයට 10ක මුදලක් නුවරඑළිය නගර සභාව වෙත ලබාදීමට එකඟතාවයට පැමිණ තිබුනද මේවනවිට අදාල එම වගන්තිය ඉවත්කර තිබේ.

 

මෙහිදී මතුවන බරපතල කාරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේම රුපියල් මිලියන 8,930 කට ඉදිරිපත්වූ ව්‍යාපෘතියක් අලුතින් කිසිඳු ආකාරයේ එක්කිරීමක් සිදු නොවී හිටි හැටියේ රුපියල් මිලියන 13,690 දක්වා රුපියල් මිලියන 4760 කින් ඉහළ දැමීමයි. සංචාරක අමාතංශ ආරංචිමාර්ග පවසන්නේ මෙම මගඩිය ජනාධිපතිවරයාගේ නම විකුණමින් සිදුකරන ජාවාරමක් බවයි.

 

මෙම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත්, ඉන් අනතුරුව මෙම ජාවාරමට අදාල තවත් තොරතුරු රැසක් මාධ්‍ය වෙත අනාවරණය කරන බවත් සජබ මන්ත්‍රීවරයකු අප වෙත පැවසිය.  



Details of Land Requirement For the Successful Construction, Implementation & Operation Of the proposed Cable Car Project in Nuwara Eliya



පිළිතුරුදීමේ අයිතිය :

theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක

විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



සබැඳි පුවත් :

නුවරඑලියට කේබල් කාර්:  යුරෝ මිලියන් 30කට ව්‍යාපෘතියක් !



රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 

හූවෙන් රජ පවුලක් ගෙදර යවන පළමු රට ලංකාවයි! | මොණරවිලගේ ලියමන
 

 
ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්