මේ අවුරුද්දේ අපට පළවෙනි දේශපාලන පාඩම ඉගැන්නුවේ සුසිල් කිව්වොත් ඒකේ ලොකු වැරැද්දක් නෑ.



රටේ රාළ එහෙම කියන්නේ නිකං නෙවෙයි.ලොකු දේශපාලන තේරුමක් ඇතිව.

සුසිල් ජනවාරි දෙවෙනිදා පොලේ ගියා. ජනවාරි හතර වෙනිදා ගෙදර ගියා. ඒ පැය 72 ක් ඇතුළත සුසිල් කියාදුන් දේශපාලන පාඩම් ටික නං අනන්තයි අප්‍රමාණයි.

තියරි කීපයක් ආයෙත් මතක් කරලා දුන්නා. එක්ක තමයි කොන්ඩම් තියරිය. පාවිච්චි කරලා විසි කිරීමේ තියරිය. සිංහල ක්‍රමයට ඒක කියනවා නං කිරි හොද්දේ රම්පේ කරපිංචා වීමේ තියරිය. මේ දෙකම පාව්ච්චි කරලා වීසි කරන ඒවා.

ඒ වගේම සුසිල් අද නැවත වතාවක් ඔප්පු කරලා පෙන්නුවා රාජපක්ෂලා කියන්නේ කවුද කියලා. ඇත්තටම අද අපේ රටේ තියන දැවැන්තම දේශපාලන වෘක්ෂය තමයි රාජපක්ෂ පවුල් ගහ.


20052005 දී රාජපක්ෂලා ගෙන්න දායක වූ ප්‍රධානින්


හැබැයි ඒ පවුල් ගහ මේ තරමට ලොකු මහත් කරන්න ගොඩ දෙනෙක් දායක උනා. රාජපක්ෂ පවුල් ගහ පැලය කාලේ පටන් ඒකට ඕනි කරන සාත්තු සප්පායම් කරන්න. පෝර දාන්න, වතුර දාන්න ගොඩක් අය දායක උනා. ඇත්තටම දේශපාලන භූමියේ ඒ පැලය හරියටම හිටෙව්වේ 2005 දී. ඒ වෙලාවේ ඒක කළේ ජවිපෙ. ඊට අමතරව පුද්ගලයෝ විදිහට මංගල, ශ්‍රීපතී, මෛත්‍රී වගේ අය හිටියා.

එදා පටන් අද දක්වාම ශ්‍රී ලංකා භූමියේ දැවැන්තම දේශපාලන වෘක්ෂය විදිහට වැඩෙන්න අවශ්‍ය පෝෂණය ඒ ඒ අවස්ථාවලදී විවිධ පුද්ගලයන් හා විවිධ කණ්ඩායම් විසින් එකතු කළා. ඇත්තටම සුසිල් කියන්නෙත් ඒ අතර හිටිය දැවැන්ත දේශපාලන චරිතක්. නමුත් අද ඒ වගේ චරිතවලින් රාජපක්ෂලා ලග ඉතුරු වෙලා ඉන්නේ බොහොම අතලොස්සයි.


අද රාජපක්ෂලා වටේට ඉන්නේ රාජපක්ෂලාගෙන් යැපෙන දේශපාලන පරපෝෂිත රැලක්. රටේ සමස්ථ සාරය රාජපක්ෂ පවුල් ගස උරා ගනිද්දී ඒ ගහේ කොතනකට හරි ඇලිලා ජීවත් වෙන පරපෝෂිත ගහණයක් ඔතන ඉන්නවා.



රටේ රාළ සුසිල්ගේ දේශපාලනයේ ගොඩක් තැන්වලට එකඟ නෑ. ඒත් සුසිල් ජනවාරි දෙවෙනිදා දෙල්කඳ පොලේදී කියපු කතාවට එකඟයි. ඒ කතාව පදනම් කරගෙන නං සුසිල් රාජ්‍ය ඇමතිකමෙන් එළවන්නේ ඒකටත් රටේ රාළ එකඟ නෑ. ඒක ජනධිපතිගේ අභිමතය වෙන්න පුළුවන්. ඒත් ඒක දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකින්න රටේ රාළ එක තත්පරයක්වත් පැකිලෙන්නේ නෑ.

රටේ රාළට සුසිල්ට විවේචනයක් තියනවා. ඒකත් මේ ලිපියෙම කතා කරන්නම්. හැබැයි දෙල්කඳ පොළේදී සුසිල් කියපු කතාව ඇත්ත. ඒක තමයි මේ රටේ අද අති බහුතර මතය. ඒක තමයි මේ රටේ ජනතාවගේ හෘද සාක්ෂිය. ඒ හෘද සාක්ෂිය ප්‍රකාශ කිරීමේ වරදට නම් සුසිල්ට දඩුවම් කළේ ඒක රාජපක්ෂලාගේ දේශපාලනය ගැන රටට දෙන ලොකු අනතුරු හැගවීමක්.

හැබැයි ඒ ප්‍රහාරයට සුසිල් බොහෝම පරිනත විදිහට මුහුණ දුන්නා. එතනදී ජනාධිපතිවරයාට වඩා සුසිල් ගොඩක් ඉස්සරහින් ඉන්න බව පෙන්නුවා. ඇත්තටම ඒක අගය කරන්න රටේ රාළ දෙපාරක් හිතන්නේ නෑ.




ඇත්තටම ජනාධිපතිවරයා කළේ මේ රටේ ජනමනසේ තිබෙන ඇත්ත කතා කියපු මනුස්සයෙකුට පයින් ගහලා එලියට දාපු එක. සමහරුන්ට නං ඒක මාර වීර ක්‍රියාවක් වෙලා තියෙන බව පේනවා. ඒත් රටේ රාළට නං ඒක නිවට බියඟුළු වැඩක් විතරයි. මොකද ඔය වගේ ප්‍රශ්නවලදී ප්‍රසස්ථ විදිහච හැසිරුණ දේශපාලන දැවැන්තයෝ රටේ රාළ දැකලා තියනවා. ඒවට සාපේක්ෂව මේක ජෝක් එකක්.



ඒක ඉස්සරහා සුසිල් දුන්න ආදර්ශය මහා ලොකු දෙයක් නූනත් ඒක අගය කළ යුතු දෙයක්. අපේ දේශපාලන ඉතිහාසය කියන්නේ ඔය වගේ සිද්ධීන් වලින් පිරිච්චි ඉතිහාසයක්. අපේ රටේ හිටපු දේශපාලන චරිත කොන්දේසි විරහිතව ජනතාව වෙනුවෙන් සටන් කරපු අවස්ථා ඉතිහාසයේ ඕනි තරම් ඉන්නවා.

මෙතනදී රටේ රාළට නං වැදගත් වෙන්නේ එයාලා නියෝජනය කරපු දේශපාලන මතවාදය නෙවෙයි. එයාලා තමන්ගේ හෘද සාක්ෂියට අනුව ජනතාව වෙනුවෙන් කරපු කැප කිරීම විතරයි.



අයුක්තිය, අසාධාරණයට එරෙහිව කතා කරලා සියල්ල අහිමි වූ දේශපාලන චරිත කොච්චර ඉන්නවද?ඒ නිසාම හිරේ විලංගුවේ වැඩුණ මිනිස්සු කොච්චර ඉන්නවාද? යුක්තිය, සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමේ වරදට මරලා දාපු මිනිස්සු කොච්චර ඉන්නවද? අවසානයේ සොහොන් කොතක්වත් නැතිව මේ මහ පොලව යට නිදන යුක්තිය ගරුක මිනිස්සු කොච්චර ඉන්නවද?



ඒ ගැන කියන්න රටේ රාළට තියෙන හොදම සාක්ෂිය තමයි 1971 අරගලයේ වැරදිකාරයා උන සහෝදරයෙක් හිරගෙදර බිත්තියේ ලියපු මේ කවිය.මේ සහෝදරයා තවමත් ජීවතුන් අතර ඉන්නවා.

''අපගෙන් ගිලිහෙන යුතුකම් රැකුමට දස දහසින් ඒ     නම්
දෑතින් ගිලිහෙන රතු කොඩි නැගුමට ජන අත් එසවේ  නම්
අප මළගම වෙනුවෙන් ගමනේ සෝ ගී ගැයුමට අය ඒ නම්
මරු හමුවන කොතැනකදී වුව ඔහු පිලිගැනුමට අප සූදානම්
''


මෙතනදී සුසිල් පරම නොවුනට මිනිහෙකුගේ හෘද සාක්ෂියෙන් මතුවෙනදේ අගයන්න ඕනි. අද මේ රටට ඕනි මිනිස්සුන්ගේ හොදත් එකක් ගනුදෙනු කරන්න එකඟ මිනිස්සු. රටේ රාළට සුසිල්ව අගය කරන්න කොන්දේසි නෑ. ඒ ගෞරවය සුසිල්ට නොදී ඉන්න රටේ රාළ කුහකත් නෑ.

සුසිල් කියන කතාව පිලිගන්නේ නැති අය ඉන්න පුළුවන්. හැබැයි තමන්ගේ මතය දැක්වීම අයිතිය සුසිල්ට තියන්න ඕනි. ඒක පැහැර ගන්න විධායක ජනාධිපතිට බෑ. පැහැර ගන්න හදනවා නං ඒක හෙලා දකින්න ඕනි.

dineshදැන් කවුරු හරි කියයි. සුසිල්ගෙන් ඔය පිටවෙන්නේ එයාට ඇමතිකමක් නොදීමේ වේදනාව කියලා. රටේ රාළ ඒකත් 100% ක් බැහැර කරන්නේ නෑ. හැබැයි ඒ වේදනාව තියාගෙන උනත් අදහසක් දැක්වීමේ අයිතිය සුසිල්ට තියෙන්න ඕනි. ඒක ඉස්සරහා කිපෙනවා නම් ජනාධිපතිවරයා ඒ පෙන්නන්නේ තමන්ගේ දේශපාලන අපරිනත බව මිසක වෙන මොකද්ද? ඇත්තටම ඒකෙන් දෙන සිග්නල් එක තමයි උඹලාට ඉන්න ඕනි නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපල්ලා කියන එක.

එහෙම ඉන්න අයට නිවටයෝ කියලා කියන්නත් රටේ රාළ බය නෑ. දැන් බලාගන්න පුළුවන් කට්ටිය අකුල ගන්න අකුල ගැනිල්ල. දැනටමත් ඒක වෙලා. 

 
අර දිනේෂ්. බොරළුගොඩ සිංහයාගේ පුතා. සුසිල් ගැන අහනකොට මී පැටියෙක්ගේ සයිස් එකට වැටෙනවා. දුවනවා.  ඇත්තටම ලැජ්ජායි දිනේෂ්.

විමල්, ගම්මන්පිල උන්නද මලාද නෑ. ඩලස් අල්ලේ පැලවෙන බොරු කියනවා.
 

ඇත්තටම ඒකට සැලකිය යුතු උත්තරයක් දුන්නේ මෛත්‍රී විතරයි. මෛත්‍රී කිව්වේ සුසිල් එලවලා ආණ්ඩුවේ පිපිරීම නවත්තන්න බෑ කියලා. හැබැයි මෛත්‍රී ඒක මෙහෙම කිව්වා නං ඊටත් වැඩිය හොදයි. සුසිල් එලෙව්වා කියලා මේ රටේ මිනිසුන්ගේ හෘද සාක්ෂිය එලියට එන එක නවත්තන්න බෑ කියලා.
 


දැන් ආණ්ඩුව ඇතුළේ මන්ත්‍රී කෙනෙක් ගෙන් මාධ්‍යවෙදියෙක් ප්‍රශ්නයක් ඇහුවොත් එයාට තමන්ගේ හෘද සාක්ෂියට අනුව උත්තර දෙන්න බෑ. රාජපක්ෂලාගේ මතයට යටත් වෙලා ආණ්ඩුව ඇතුළේ කට පියාගෙන ඉන්න ඕනි.

එහෙම ඉන්නේ වහල්ලු කියලා කිව්වට කිසිම වැරැද්දක් නෑ. ඒ වහල්ලුන්ගේ හෘද සාක්ෂිය පවා කොල්ල කාලා.

ඊළඟට ඇත්තටම මේ ප්‍රශ්නයේදී රාජපක්ෂලාගේ පැත්ත අරන් සුසිල්ට ගහන අයටත් මෙතන ඉගෙන ගන්න ලොකු පාඩමක් තියනවා. ලොකු අනතුරු ඇඟවීමක් තියනවා. ඒ එයාලත් දවසක රාජපක්ෂලාගේ කිරි හොද්දේ රම්පේ කරපිංචා වෙලා පැත්තකට විසි කරලා දානවා කියන එකයි. ඒ දවස එනකං එයාලාත් සුසිල්ට බැන බැන පොඩි ආතල් එකක් ගන්නවා.

ඒ මේ අස්සේ නාමල් අපට විනය ගැන කියා දෙන්න එනවා. විනය නෙවෙයි නාමල්ලා කියා දෙන්නේ විනේ ගැන. කොඩි විනේ ගැන.


ඒ වගේම සුසිල් උගන්නපු පාඩමෙන් වැඩිමදේ ඉගෙන ගන්න තියෙන්නේ සුසිල්ටම තමයි. තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නැතිනම් ඇයි ඕක ඇතුළේ වැටිලා හිටියේ කියන ප්‍රශ්නය සුසිල්ටත් එනවා. එතනදී තමයි හිතන්න වෙන්නේ මොකක් හරි වරප්‍රසාදයක් බලාගෙනද හිටියේ කියලා. නැත්නම් ඔච්චර නරක තැන එලවනකම් හිටියේ ඇයි කියන ප්‍රශ්නය සුසිල්ගෙනුත් අහන්න ඕනි.



කොහොම උනත් සුසිල්ගේ හෙට දවස ගැන කියන්න රටේ රාළ දන්නේ නෑ. හැබයි සුසිල් ගැන රටේ රාළ එකක් දන්නවා. රටේ රාළත් සුසිල් එක්ක දේශපාලන ගනුදෙනු කරලා තියනවා. ඒ සුසිල් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් විදිහට ඉන්න කාලේ, රටේ රාළ ජානීපෙ මහ ලේකම් විදිහට ඉන්න කාලේ. ඕනි තරම් දේශපාලන ගැටුම් අපි අතර ඇති වෙලා තියනවා. හැබැයි ඒ හැම සිද්ධියකින්ම පස්සෙ ආයෙත් සාමාන්‍ය විදිහට දේශපාලන ගනුදෙනුවක් කරන්න පුළුවන් තරමට සුසිල් නිහතමානී උනා.

අද සන්ධානවල ඉන්න මහ ලේකම්ලා එක්ක හිතද්දී සුසිල් ඉන්නේ එයාලට වඩා ගව් ගානක් ඉස්සරහින්. ඒක කියන්න ඕනි. ඒ තනතුරට සුසිල් උපරිම සාධාරණය ඉෂ්ඨ කළා.

සුසිල් හා රටේ රාළ අන්තිමට හම්බ උනේ නැගෙනහිර පලාත් සභා මැතිවරණයේදී. එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා බාර දුන්නේ සුසිල්. ජාතික නිදහස් පෙරමුණේ නාම යෝජනා බාර දුන්නේ රටේ රාළ. ඒක උනේ ලොකු දේශපාලන මත ගැටුමක් ඇතුළේ. හැබැයි එදත් දේශපාලන ප්‍රතිවාදීන් දෙන්නෙක් විදහට සුසිල් එක්ක ගනුදෙනු කරන්න බාධාවක් තිබුනේ නෑ.

අද සුසිල් පොළේ ගිහින් මෙහෙම නං එදා අපි අතර ඇති උනා දේශපාලන මත ගැටුම් දැන් ඇති උනොත් සුසිල් ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. දෙල්කඳ පොලෙත් නෑ. ඒක නිසා දෙල්කඳ පොලේ ගමන හරහා අලුත් දොරක් අරින්න සුසිල් මේ හදන්නේ.

එහෙම හිතුවොත් සුසිල්ගේ පෙර වැරදි කියන්නේ රාජපක්ෂලාට සාපේක්ෂව සමාව දෙන්න බැරි තරමේ ලොකුම වැරදි නෙවෙයි.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 

 


රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 

හූවෙන් රජ පවුලක් ගෙදර යවන පළමු රට ලංකාවයි! | මොණරවිලගේ ලියමන

 
ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image