theleaderlk 01

නැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල්, ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට

තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (PCR ) අද (ජනවාරි 5) අනාවරණය කළේය.

ඊළඟ දින අට ඇතුළත ණයවර ලිපි විවෘත කිරීමක් සිදු නොකළහොත් පෙට්‍රල් ඩීසල් හිඟයක් පැමිණෙන බැවින්, ආණ්ඩුවට ලැබුණාය කියන ඩොලර් වලින් අදාළ ණයවර ලිපි විවෘත කිරීමට කටයුතු කොට පෙට්‍රල් ඩීසල් හිඟය මග හරවා ගන්නා ලෙස ද හෙතෙම ආණ්ඩුවට දැනුම් දුන්නේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙතෙක් පැවැති අර්බුදය දැන් මහජනයාගේ හූ හඬ මැද්දෙන් දැන් පුපුරා යමින් පවතින බව ඔහු මෙහිදී සඳහන් කළේය.

මේ පුපුරා යාම පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත සිදු විය හැකි බවත්, පාර්ලිමේන්තුවෙන් පිටත විය හැකි බරපතලම පුපුරා යාම රාජ්‍ය අංශයේ නැගී සිටීම බැවින් එය පාලනයට සහන පැකේජය ලබාදුන්නා විය හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සුසිල් ප්‍රේමජයන්ත ඉවත්කිරීම හා ජනාධිපති විවේචනය කරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය  අනුව පැහැදිලි වන්නේ මර්දනය කැඳවමින් ඇති බව යැයි ද පාඨලී චම්පික කීවේය. 

 

 Leader Whats app



රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 

හූවෙන් රජ පවුලක් ගෙදර යවන පළමු රට ලංකාවයි! | මොණරවිලගේ ලියමන

 
ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 
 

නවතම පුවත්