ජනවාරි 18 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භකර පාර්ලිමේන්තුව අමතා 'රාජාසන කතාව' සිදුකිරීමෙන්

අනතුරුව, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එම 'රාජාසන කතාව' සම්බන්ධයෙන් ඡන්දයක් ඉල්ලීමේ සුදානමක් ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිරයමින් තිබේ.

විපක්ෂයේ ඇතැමුන් පවසන්නේ,  එය පැහැදිලිවම බේදභින්න වී සිටින ආණ්ඩුවේ කොටස් එකතු කිරීම සඳහා බැසිල් රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ අතර සිදුකෙරෙන කුමන්ත්‍රණයක් බවයි.

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරී සුසිල් ප්‍රේමජයන්ත වැනි මන්ත්‍රීවරුන්ට පවා මෙහිදී ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බවත්, එවැනි ඡන්දයකින් ආණ්ඩුවේ තුනෙන් දෙකකට වැඩි බලය තහවුරුවී ආණ්ඩුව ශක්තිමත් බවට වූ මතයක් සමාජගත විය හැකි බවත් විපක්ෂයේ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කර තිබේ.


බොරු කටකතාවක් !


මේ සම්බන්ධයෙන් අප කල විමසීමක දී හිටපු අගමැතිවරයාගේ සන්නිවේදන ඒකකයේ ප්‍රධානියකු පැවසුයේ, රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා විසින් කතානායකවරයාට හා සභානයකවරයට ජනවාරි 03දා යොමුකර ඇති ලිපියක් වරදවා වටහා ගැනීමෙන් මෙවැනි කටකතාවක් පතුරුවනවා විය හැකි බවයි.

ලබන 18 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සැසිවාරය ඇමතීමෙන් අනතුරුව ඒ පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් ලබා දෙන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ සභානායක දිනේශ් ගුණවර්ධන වෙත ලිපි දෙකක් යොමුකොට ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තිය යටතේ එම කල්තැබීමේ විවාදය ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා සුදුසු දිනයක් ලෙස ජනවාරි 19, 20, හෝ 21 යන දිනයන් නම් කරන ලෙසත් හිටපු අගමැතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇතිබවත්, එහිදී කිසිඳු විටෙක ඡන්දයක් ඉල්ලීමේ අදහසක් නොමැති බවත්  ඔහු අවධාරණය කර සිටියේය.

IMG 20220106 WA0002

 
 
 

Leader Whats app

 
 
 
 

නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 
 
දැන් නම් සැප කනේ ! | මොණරවිලගේ ලියමන
 
 
 
රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්