ළමයින් හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් පැමිණිලි 3373 ක් පසුගිය වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී තිබේ.



මේ අතරින් අඩකට ආසන්න පැමිණිළි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පියා විසින් කරන ලද හිංසන පිලිබඳවය.

එයින් වයස අවුරුදු 05 ට අඩු ළමුන් හිංසනයට ලක්කිරිමේ සිදුවීම් 598 ක්, අවුරුදු 06 ත් -10 ත් අතර ළමුන් හිංසනයට ලක්කිරිමේ සිදුවීම් 1001 ක්, අවුරුදු 11 ත් - 15 ත් අතර ළමුන් හිංසනයට ලක්කිරිමේ සිදුවීම් 1240 ක්  අවුරුදු 16 ත් - 18 ත් අතර ළමුන් හිංසනයට ලක්කිරිමේ සිදුවීම් 534 ක්  වාර්තා වී ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ පවසන්නේ, පියා අතින් හිංසනයට ලක්වීමේ සිදුවීම් 1342 ක් ද, මව අතින් හිංසනයට ලක්වීමේ සිදුවීම් 718 ක් ද, මව සහ පියා දෙදෙනාම අතින් හිංසනයට ලක්වීමේ සිදුවීම් 191 ක් ද, භාරකරුවන් අතින් හිංසනයට ලක්වීමේ සිදුවීම් 64ක් ද, ගුරුවරු සහ විදුහල්පතිවරුන් අතින් හිංසනයට ලක්වීමේ සිදුවීම් 98 ක් ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී ඇති බවයි.


2022 වසරේ ජනවාරි 04 දිනට යෙදෙන ළමා හිංසනයට එරෙහි ජාතික දිනය සැමරීම නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ නිකුත් කළ පනිවිඩයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ, 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වසර 05 තුළ  ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු ළමා හිංසන පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 16,395 ක් වූ අතර ගැහැණු ළමුන් 8,275 ක් ද, පිරිමි ළමුන් 8,120 ක් ද හිංසනයට ලක්වී තිබු බවයි.



2009 වර්ෂයේ සිට සෑම වසරකම ජනවාරි මස 04 වැනිදාට යෙදෙන ළමා හිංසනයට එරෙහි ජාතික දිනය සැමරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්  සිදු කරනු ලබයි.

එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ළමයින්ට සිදුවන හිංසනයන් සහමුලින් නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම බව එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කරයි.

"ඔබ ළමා හිංසනයන් වැලැක්වීමට දෙමාපියන්, භාරකරුවන්,ගුරුවරුන් විදුහල්පතිවරුන් ලෙස මෙන්ම වගකිවයුතු පුරවැසියෙක් ලෙස වඩා සංවේදීව ඉතා කඩිනමින් කටයුතු කිරිමේ කාලය එළඹ  තිබේ."
 
 
ළමා කෲරත්වය වැලැක්වීමට එවැනි සිදුවීම් පිළිබඳ තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම්දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩි දුරටත් ඉල්ලා සිටි.
 
 

Leader Whats app

 
 
 
 

නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 

දැන් නම් සැප කනේ ! | මොණරවිලගේ ලියමන
 
 
 
රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image