වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුලික කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද (06) උදෑසන හතට දකුණු  පළාතේ

ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය හෙට උදේ හතට අවසන් වීමට නියමිතව තිබේ.

 මෙම වර්ජනය දකුණු පළාතේ සියළු රෝහල් හා සෞඛ්‍ය ආයතන තුල  ක්‍රියාත්මක වූ අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයන් වැඩවර්ජනයට සහභාගී වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

 එම වර්ජනයට සමගාමීව ගාල්ල නගරය පුරා  දැවැන්ත විරෝධතා පා ගමනකින් ගොස්, නගර මධ්‍යයේ   විරෝධතා රැලියක් ද පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කටයුතු කළේය.

 එම රැලිය ඇමතූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ, අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෙර වහා විසදුම් ලබා දෙන ලෙසත්, ගැටළු  විසදීමට හැකියාවක් නොමැතිනම් හැකි අයකුට බාර දී ඉවත්වන ලෙසත්ය.



සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලයේ ප්‍රධාන ඉල්ලීම් :


1. පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයන්ගේ උපාධිධාරී වැටුප් විෂමතාවය ඉවත් කිරීම,


2. සමාන්තර සේවා සමග පවතින වැටුප් විෂමතාවය ඉවත් කල රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීම,


3. වෛද්‍ය සේවාවේ ඒකාධිකාරියට ලක්ව ඇති සෞඛ්‍ය පරිපාලනය  සදහා පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය නිලධාරීන් සදහා අවස්ථාව සලසා දීම,


4. පාලනයකින් තොරව ඉහල යන ඖෂධ මිල, ගජ මිතුරන්ගේ ගසා කෑම සදහා ස්ථාපිත කර ඇති තාක්ෂණික ඇගයිම් මාෆියාව වැලැක්වීම සදහා විධිමත් කළමණාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම,


5. දීමනා විෂමතාවය ඉවත් කිරීම,


6. අමාත්‍ය මණ්ඩලය අනුමත කළ මාණ්ඩලික සේවා තත්වය, සහ 5/7 උසස්වීම් ක්‍රමය සදහා වහා චක්‍රලේඛ නිකුත් කිරීම,


7. රාජ්‍ය පරිපාලණ චක්‍රලේඛ 6/2006 මගින් ඇතිකර ඇති සේවා වර්ගීකරණය, උසස් වීම් ක්‍රමය, ඇතුලු අසාධාරණය වැඩවසම් ප්‍රතිපත්තිය ඉවත් කොට නව වැටුප් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.



විරෝධතා රැලියේ සටන් පාඨ :



කාගෙද මේ - බලවේගේ
පරිපූරක - අතුරු ඇතුළු
හෙද සේවේ - බලවේගේ
පාගා දාපු - අපෙ අයිතිය
දිනන්න එන - බලවේගේ

 

ලොවම දිනූ - සුවසේවයේ
බිඳිනු එපා - අභිමානේ
සුව වෘත්තික - සහයෝගේ
රැල්ල නැඟෙයි - බලවේගේ

 

දෙදාස් හයේ - චින්තනයේ
බලෙන් ඔබපු - චක්‍රලේකෙ
වැටුප අනූව - බමුණු කුලය
හදල දීපූ - චක්‍රලේකෙ

 

විෂමතාව - බේරගන්න
රනුග්ගේගේ - වාර්තාවේ
දුන් විසඳුම් - ඇයි ප්‍රමාද

 

වෘත්තිකයිනි - පෙරට එන්න
සුව සේවය - බේරගන්න
රැකගන්නට - අභිමානය
අධ්‍යාපන - සම අයිතිය

 

ජුන්ටාවකට - යට කරවපු
පරිපාලන - මාෆියාව
සේවාවම - විකුනං කන
මිතුරන් හට - ටෙන්ඩර් දෙන



සල්ලි ගිලින - මාෆියාව
නැති කරනවා - සුව සේවය

 

උපාධියට - නිසි සැලකුම්
උගත් කමට - නිසි තනතුරු
හැම රටකම - තියන ක්‍රමය
ලබා දියව් - අපේ රටට

 

පහත හෙලව් - ඖෂධ මිල
ලබා දියව් - පාලන මිල
මාස්ක් දියව් - දරුවන් හට
නවතා දමව් - මැරෙනා එක


මහ පාරේ - පෝලිම් වල
රෝහල් වල - බෙහෙත් නැතුව

 

අපේ දිනුම - අපේ සටන
රකින්නටයි - සුව සේවය
හදන්නටයි - ක්‍රමවේදේ
ජනතාවනි - පෙරට එන්න
මේ සටනට - සහය දෙන්න

 

H 1H 2

 
 
 

Leader Whats app

 
 
 
 

නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 

දැන් නම් සැප කනේ ! | මොණරවිලගේ ලියමන
 
 
 
රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්