විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ ආදීනව පෙන්වා දෙමින්, හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන

ඊයේ (05) දිනයේ සිදුකල ප්‍රකාශය අගයකරන බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති දේශබන්ධු කරු ජයසූරිය පවසයි.

වර්තමාන රජයේ හවුල්කරුවකු වෙතින් එවැනි අදහස් ගලා ඒම ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට ශක්තියක් බවත් එය අගය කරන බවත් ඔහු කියා සිටියි.

හිටපු කතානායක කරු ජයසුරිය එබව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.  



රටක ඉදිරිගමනට ප්‍රජාතන්ත්‍රවාදී උත්තරීතර ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පෙන්වා දෙන හිටපු කතානායකවරයා, රජය පිහිටුවා අවුරුද්දකින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව තවත් කල් නොහැර ඉටුකළ යුතු බව අවධාරණය කර සිටියි.



ඒ සම්බන්ධයෙන් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' ස්ථාවරය පැහැදිලි කරන කරු ජයසුරිය සිය ලිපියේ මෙසේද සඳහන් කර තිබේ.

''ව්‍යවස්ථාව ජනතා සහභාගීත්වයෙන් සිදු විය යුතු අතර, පාර්ලිමේන්තුවේ සහ ජනතා මුල් වීමක් නොමැතිව ගොඩනගන ව්‍යවස්ථා ජනතාව පිළිනොගන්නා බව රජය වටහා ගත යුතුයි.

මේ රජය බලයට පැමිණ 20 සංශෝධනය ඉදිරිපත් කළ දින සිට එයින් රටට වූ හානිය හා ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම විනාශ වූ ආකාරය අපි රටටම පෙන්වා දුන්නා.



'' 20 වැනි සංශෝධනයෙන් හා 3/2 පාර්ලිමේන්තු බලයෙන් රටට සෙතක් උනාද? අවසානයේ එය විහිළුවක් උනා. '' යයි කියන හිටපු කතානායකවරයා, තවත් විවිධ හේතු සොයා කල් නොගෙන, පොරොන්දු වූ පරිදි රජයේ ලුහුඬු පිටපත හෝ පෙබරවාරි 4 නිදහස් දිනය දා රටට හෙළි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.



ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ජනාධිපතිවරයා විසින් රටවැසියාට රාජ්‍යතාන්ත්‍රික පොරොන්දුවක් දී ඇති බවත්, එම දින සීමාද දැන් අවසාන බව නිහතමානීව මතක් කර දෙන බවත් ඔහු පවසයි.

''මෙම පොරොන්දුව ජනාධිපතිවරයා විසින් අති ගෞරවනීය උත්තරීතර සංඝ සභාවටද ලබාදී තිබෙනවා.  පුරවැසියන් වූ අපි මේ පොරොන්දු ඉටු වන තෙක් විශාල බලාපොරොත්තු ඇතිව සිටිනවා.'' යයි ද කරු ජයසුරිය පවසයි.


ජනාධිපතිට ප්‍රසංසා

2021 වසර තුළ කොරෝනා වසංගතයත් සමඟ අපේ ජනතාව අසීමිත දුක් කම්කටොලූ රාශියකට මුහුණ දුන් බව සිහිපත් කරන හිටපු කතානායකවරයා, එම සිද්ධීන් එකින් එක නැවතත් අවුස්සමින් අතීතයට දොස් කියන්නවත් එකිනෙකාට අපහාස කරගැනීමටවත් බලාපොරොත්තු නොවන බව කියා සිටියි.




කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජය දියත් කළ එන්නත් කරණ ක්‍රියාවළිය සාර්ථක වූ බව පවසන කරු ජයසුරිය, ඊට කැපවුණු සියලු දෙනාට සිය සංවිධානයේ ගෞරවය පුද කර සිටියි.



fgdgrttyජීවන වියදම දරා ගත නොහැකි ආකාරයට ඉහළ ගිහින්. අඩු ආදායම්ලාභීන් ආහාර වේල පවා සපයා ගන්නේ අමාරුවෙන්..


ජනතාව මුහුණදෙන ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු කතානායක සිය නිවේදනයේ මෙසේ සඳහන් කර තිබේ.

''අනෙක් සෑම අංශයක් තුළින්ම රට විශාල කඩාවැටීමකට ලක් වීම කණගාටුවට කරුණක්, ජීවන වියදම දරා ගත නොහැකි ආකාරයට ඉහළ ගොස් අඩු ආදායම්ලාභීන් ආහාර වේල පවා සපයා ගන්නේ අමාරුවෙන්..

හාල්, සීනි, කිරිපිටි, ගෑස්, බෙහෙත් හේත් වර්ග ආදී එදිනෙදා ජීවිතයට අවශ්‍ය සෑම අංගයක්ම අද හිඟව පවතිනවා.

විදේශ විනිමය නොමැතිකම නිසා ජන ජීවිතය පූර්ණ වශයෙන් අවුල් වෙලා.

රජයේ පාර්ශවයෙන් මේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයා නැහැ. විවිධ මත පළ කළත් හරි උත්සාහයක් තවම අපිට දකින්න නැහැ. රජයට නිවැරදි මාර්ගය තවමත් තෝරා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ගොවියා අද ඉතා අසරණ තත්ත්වයකට පත්වී තිබෙනවා. බොහෝ ප්‍රදේශවල වගා පාළුවට ගිහින්. ආහාර නිෂ්පාදනය 40% දක්වා පහළ වැටෙන බවටත්, මහා සාගතයක පෙර නිමිති දැන් ඇතිවෙමින් පවතින බවත්, විද්වත් මතයයි.

 

සෑම අතින්ම පීඩාවිඳින ගොවියා කෝප වී සිටින මෙම අවස්ථාවේ රටේ ලේ වැගිරීම් වලට පවා ඉඩ ඇති බව ජනතා මතයයි. මේ කරුණු රජයේ දැඩි අවධානයට යොමු යොමු විය යුතුයි.




''වගකිවයුතු රජයකට මේ දුක් අඳෝනාවන්ට කන් නොදී සිටීමට බැහැ''

රසායනික පොහොර භාවිතය නැවැත් වූ අවස්ථාවේ ඉන් ඇතිවන ප්‍රතිවිපාක ගැන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය දිගින් දිගටම විශාල හඬක් නැඟුවා. අපි ප්‍රකාශ කළේ රටේ ජනතා මතය. ගොවියාගේ මතය.

ඉන්දියානු අගමැති මෝදි අවසානයේ ගොවි මතයට හිස නැමුවා. ගොවි ජනතාවගෙන් සමාව ගත්තා.

උගතුන්, බුද්ධිමතුන් ඇතුළු රටට ආදරය කරන පුද්ගලයින්ගේ හඬට ජනාධිපතිවරයා යම් අවධානයක් හෝ යොමු කළා නම් දැන් ඇති වී තිබෙන මේ මහා විනාශය ඇතිවන්නේ නැහැ.




ගොවියා දේවත්වයෙන් සැලකිය යුතු කණ්ඩායමක් මිස අද මෙන් හිරිහැර විඳිය යුතු කොටසක් නොවේ. අත කණකර ආදිය පවා උකස් කර ඔවුන් ගෙවන දුක්බර ජීවිතය අපි හොඳින් දන්නවා.



අලි මිනිස් ගැටුම් නිසා සිය ගණනක් මිනිස්සුන්ගේ සහ අලින්ගේ ජීවිත විනාශ වෙනවා. මේ වෙනුවෙන් සැකසුණු වටිනා අන්තර්ජාතික තත්ත්වයේ වාර්තා හුඹස්  පෙට්ටියේ පුස් කකා තිබෙනවා.

මේ වාර්තා හා යෝජනා දකින විට අපට ඇති වන්නේ දැඩි කම්පාවක් මේවා විසඳාගත හැකි ප්‍රශ්ණ. නැත්තේ රජයේ ඒ ගැන කැපවීම හා උනන්දුවයි. දැන්වත් මේ ගැන අවධානය යොමු කරන්න.'' කරු ජයසුරිය සිය නිවේදනය මගින් ඉල්ලා සිටියි. 

 
 
 
 

Leader Whats app

 
 
 
 

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 
 
 
නාමල් ඇමතිකම් අත්හරින තීන්දුවක ! | Gossip
 
 
 
 
නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්