පසුගිය දිනවල සිදුවූ විදුලිය බිදවැටීමේ ක්‍රියාව සංවිධානාත්මක මාෆියාවක ක්‍රියාවක් බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමේ සභාපති නන්දික පතිරගේ පවසයි.



ඔහු එබව කියා සිටියේ, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග Truth with Chamuditha වැඩසටහනට එක්වෙමිනි.

ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමේ සභාපතිවරයා එවැනි ප්‍රකාශයක් කළේ, පසුගියදා සිදු  වූ විදුලිය බිඳවැටීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ උපදෙස් මත විදුලි බල මණ්ඩල අභ්‍යන්තර පරීක්ෂණයක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන පසුබිමක් තුලය.

විදුලිබල ක්ෂේත්‍රය තුළ දේශප්‍රේමී වෙස්ගත් විදුලි මාෆියාවක් ක්‍රියාත්මක බව මෙම සංවාදයේදී පැවසු නන්දික පතිරගේ, ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය විසින්
දිගින් දිගටම වැරදි තොරතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා නොමග හැරීමට කටයුතු කරන බවට චෝදනා කළේය.

රටේ විදුලි ජනන සැලසුම හිතාමතාම වැරදි ලෙස ගණය කිරීමෙන් හදිසි විදුලි මිලදීගැනීම් වලින් මිලියන ගානක් රටට පාඩු කිරීමට ක්‍රියාකරන බවත් නන්දික පතිරගේ එහිදී තවදුරටත් සඳහන් කළේය.

''හදිසි මිලදීගැනීම්වලට කල්ගන්නෙ සතියයි. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අවුරුදු 12ක් තිස්සේ අදිනවා.'' යයි ද ඔහු කියා සිටියේය. 

 

 රටපුරා තැනින් තැන පැයක් අඳුරු වෙයි

රටපුරා අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශයෙක් කීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ප්‍රධානියෙක් පැවසුවේ මෙම විදුලිය විසන්ධි කිරීමට හේතුව කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් බිඳවැටීම සහ නොරෙච්චෝලේ විදුලි ජනන යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම පමණක් නොවන බවත් කපුගස්කන්ද ඇතුළු විදුලිබලාගාර දෙකක් ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම දැඩිව බලපා ඇති බවත්ය.

එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ මේ දිනවල පැයක් විදුලිය විසන්ධි කිරීම ඉදිරියේදී පැය කීපයක් දක්වා වැඩි විය හැකි බවයි.

 

 
 

Leader Whats app

 
 
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
  
 
බුද්ධි අංශ නාමල් ගැන සෝදිසියෙන්! | The Leader TV

.

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්