මුස්ලිම් දේශපාලකයකු දිගින් දිගටම අත්අඩංගුවේ රඳවාගෙන තැබීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලීසිය ලබා දුන් නිර්දේශද නොතකා

කටයුතු කළ බවට චෝදනාවට ලක්ව සිටී.

තමන් අත්අඩංගුවට ගත්තේ "මේ රටේ පොලීසිය භාරව ඉන්න චන්ඩියා" බවට හිටපු පළාත් ආණ්ඩුකාර අසාද් සාලි චෝදනා කළේ ජනවාරි 06 වැනි බ්‍රහස්පතින්දා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු අගනගරයේ මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

''ඉතින් මාව දිගින් දිගටම නිදහස් කරන්න කියලා පොලීසියෙන් කියනකොටත් මාව දිගින් දිගටම තියාගෙන හිටියේ එයා,'' යි අසාද් සාලි චෝදනා කරයි.


අමාත්‍යවරයා ව්‍යාපාරිකයන් සමග සිදු කරන "ඩීල් " තමන් දන්නා බව පැවසු අසාද් සාලි එහිදි වැඩි දුරටත් සඳහන් කළේ, තමන් අත්අඩංගුවට ගැනීමෙන් පසු  අමාත්‍යවරයා දුරකතන සංවාද සිදු කලේ කා සමගදැයි පරීක්ෂා කිරීමෙන් එම තොරතුරු සොයා ගත හැකි බවයි.


 
ජාතීන් හා ආගම් අතර අසමගිය ඇතිකිරීම හා සංහිඳියාව බිඳ දැමීමට උත්සාහ දැරීමේ චෝදනා මත මාස නමයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පළාත් ආණ්ඩුකාර අසාද් සාලි  සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා 2021 වසරේ දෙසැම්බර් 2 වැනිදා නියෝග කළේය.

2021 වසරේ මාර්තු 9 වැනිදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් ඇතුලත්කොට ආණ්ඩුවට හිතවත් පෞද්ගලික රූපවාහිනී නාලිකා විසින් කපා කොටා ප්‍රචාරය කෙරුණු අසම්පූර්ණ වීඩියෝ දර්ශන පදනම් කොටගෙන අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එම වසරේ  මාර්තු 16 වැනි දිනයි.
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.

 

සිද්ධියෙන් හත් මසකට පසු සම්පූර්ණ වීඩියෝව නැරඹු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල පවසා තිබුනේ සංස්කරණය නොකළ දර්ශන පල කළේ නම්, සැකකරු විසින් ප්‍රකාශ කරන ලද්දේ ජනතාව අතර සාමය ගොඩනගා එක් ජාතියක් ලෙස නැගී සිටීමේ අභිප්‍රාය බව පැහැදිලි වන්නට තිබුණු බවයි.

 
 
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගැනීමට හේතු වු පැමිණිල්ල කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස හා ගාමිණී වලේබොඩ යන අයට 2022 පෙබරවාරි 21 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.
 
ඊට හේතුවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස වගකීම් විරහිතව ද්වේශ සහගතව සිදුකර ඇති පැමිණිල්ල නිසා තම සේවාදායකයාට අගතියක් වූ බවට අසාද් සාලි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු පෙන්වාදීමයි.
 
සිදුවූ අගතිය වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති අනුව වන්දි අයකර ගත යුතු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දීමෙන් පසුව පැමිණිලිකාර පාර්ශවයට නොතීසි නිකුත් කිරීමට පියවර ගෙන තිබුනි.

 

 
සබැඳි පුවත් :
 

 

 
 

Leader Whats app

 
 
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
  
 
බුද්ධි අංශ නාමල් ගැන සෝදිසියෙන්! | The Leader TV

.

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්